Thursday 21 February 2013

මටම බෑ.....!

නුඹෙ කටහඬ ඇසෙන මොහොතෙම
සිහිවෙනව මට මගෙ අතීතය
මතකයිද අපි කතා කෙරුවා
පුංචි දේවල් බොහෙම රසකර
ඇත්තමයි නුඹ යන්න ගියදා
ගොඩක් හැඬුවා මගේ හදවත
කුමන වරදද කලේ මම අද
මගේ හදවත මගෙන් ඇසුවා
අද දවස මට කාලයක් නැත
ආදරේ ගැන සිතා ගන්නට
නුඹෙ වරදද දන්නේ නැත මම
නමුත් එය සිදුවෙලා අහවර
කවුරුන්ම හරි ඇති සිතාගෙන
මගේ ගැන පොඩි ආල සිතුවිලි
එහෙත් ඇය නම් පමා වැඩිවිය
මම මටම නෑ අයිති අද දින
කවුරුවත් නැති වුනත් සිතතුල
මගේ සිත නම් පිරී අවසන
ඇත්තෙ යන එන දේය රට වට
මටමවත් බෑ ආයෙ ගන්නට


No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!