Sunday 17 February 2013

මතුවටත්.....


නුඹට මමත් මට නුඹත්
අවැසි බව සත්තකයි...
නමුදු අප තවත් දෙපසක තනිව...
හිඳිනවා වෙනතක් බලාගෙන
රවටනවා නොවෙද අප අපවම...
ඉගිල යාවි අපටත් නොදැනිම
කාලය
අප කෙරෙන්...
ඉගිල යාවි අපෙන්
අපේ නෙතු නොගැටීම
අපේ ආදර අන්දරය
සත්තකයි...
සත්තකයි...
තවමත් නුඹට
පෙම් බඳිනවා මම
එදාටත් වැඩියෙන්ම....

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!