Monday 25 February 2013

එදා මෙදා තුර.......!

දන්නවා නම් නුඹේ ගැන මම
කවි ලිව්ව හැටි දුකම විඳගෙන
යලි එනව නුඹ මගේ ගාවට
හඬා වැටෙමින් යලි නොයන්නට

අද වගේ එක පුංචි දවසක
මගේ පෙම ගැන වැරදි අරගෙන
කිව්ව දේවල් ලඟම ඉඳගෙන
වෙන්කලා අප දෙන්න දෙපසට

නුඹම පොඩි පොඩි වචන අරගෙන
වැරදි දේවල් එකතු කරගෙන
කිව්ව පොඩි පොඩි කරුණු එක දෙක
මැව්ව මට රූපයක් ලොකුවට

නැද්ද නුඹගේ හදවතේ යට
ආදරේ බිංදුවක් වත් මට
හිතුනේ නෑ ඒ වෙලාවෙත් මට
කුමට නුඹ හට ආලෙ කෙරුවද

යන්න ගියදා මගෙන් ඈතට
කඳුළු බිඳු ඇස කොණක එක දෙක
දඟ කරල උන් බිමට වැටුනට
හැඬුවෙ නෑ මම සිතා නුඹ ගැන

දකින විට මම පෙම්වතුන් මහමඟ
හිතෙනවා යලි පෙම් කරන්නට
දකිනවිට යම් කෙනෙකු හිත යන
මැවෙනවා මට ඔබේ හැඩරුව

මතකෙ පිරුණම ඒ අතීතය
වරද පෙම්කල කඳුළු දුන්මට
හරවෙනව මගෙ දෑස වෙනතක
එපා ප්‍රේමය යලිත් දිවියට...

2 comments:

  1. හ්ම්..... ඇත්තටම ලොකු දුකක් දැනෙනවා. එයා ආයෙත් ඒවී. මම එහෙම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ, ඒත් ආයේ එන්නේ නැතිවෙයි... :'(

      Delete