Sunday 17 February 2013

තනි වුනාම....


සඳ තවමත් අහස නුඹේ සිසිල සොයනවා
අමාවකය කියලා මුළු ලොවම දන්නවා
මමත් නුඹේ ගැන පමණක් තවම සිතනවා
නුඹ යලි නොඑනා බව මට සැවොම කියනවා
අහසේ තරු මා දිහාම බලන් ඉන්නවා
නුඹ පමණක් යලි නොඑන්න ඈතට යනවා
නුඹ දකින්න මගේ දෑස පෙරුම් පුරනවා
තරු විතරයි නුඹ දකින්නෙ මම තනිවෙනවා

3 comments:

  1. තනිකම වේදනාවක් වුණත් ගොඩක් වෙලාවට ලස්සන නිර්මානයක උපතක්.
    ගොඩක් රසවත්. ජය වේවා.... දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. තනිකම් වොදනාවන් පිරී මගේ මතකේ
      පොත් පිටුවල ලිව්වා මම ඒ කාලේ
      දුක විතරයි උරුම වුනේ තනි වේලේ
      ඉරා විසිකලා පොත දැන් ලිප්බොක්කේ

      කවි රස සොයන උන් ඉන්නා හින්දා
      මතකෙට අරන් ඒ කාලේ රස විඳලා
      දුක් සෝ තැවුල් එක්කම මම කවි කරලා
      එකතු කලා රසවත් කර පිටුව පුරා

      Delete