Tuesday 19 February 2013

ඉතිරි මතකයෙන්....

මගේ කවි වල සිරවෙලා නුඹ
දන්නේ නෑ කියවන සැමා
ලස්සනයි කියමින් විඳින මුත්
දුකක් ඇත මෙහි ගැබ්වෙලා

කවිය පමණයි ඉතිරි මා හට
නුඹත් නැහැ දැන් ලංවෙලා
ඇත්ත නුඹ ලඟ සිටිය කාලේ
සතුට තිබුණා බෝවෙලා

කවිත් එක්කම පරවෙලා ගිය
නුඹේ මතකය සිහිවෙලා
හැඬුම් එනවා කොලය වැහිලා
කඳුළු පිටුවට බරවෙලා

මගේ කවි වල නුඹේ ගැන ඇති
බලපු කාලෙක නුඹ දනී
මම නොවෙයි නුඹ හැරගියේ
සිහිවේවි මතකෙට නුඹේ


එවන් කාලෙක කඳුළු වැටුනම
පව් පිරෙනවා මට යලි යලි
එහෙත් යලි අප එක් නොවන බව
ලොවම දන්නා රහසකි

අපි එකල අත්වැල් බැඳන් ගිය
තැන් වලින් අපි ආයෙමත්
යනව එනවා මතක් වෙනවා
කරපු කී දේ හිනැහෙමින්

පිටුව ඉවරයි කවිය සිරවෙයි
අපේ මතකයි රැව්දෙමින්
වෙන දෙයක් ගැන හිතනු බෑ මට
කඳුළු එනවා ඇස් අගින්

2 comments:

  1. හ්ම....... හිතට ගොඩක්ම දැනුන. එයා මේ කවි කියවාවි අනිවාර්යෙන්ම කවදාහරි.

    ගොඩක් සාර්ථකයි. ජය වේවා අයියෙ.

    ReplyDelete
    Replies
    1. කියවලා දුක්වෙලා හඬනවා එයා
      නලවන්න සනසන්න වචනෑ කියා
      හිතේ තිබු දුක් තැවුල් හින්දාම තමා
      එහෙත් අපි අසරණයි ලංවෙන්න බැහැ

      Delete