Tuesday 19 February 2013

පණ පෙව්ව නුඹ....

මගේ කවි වලට නුඹ
පණ පෙව්ව ඇත්තමයි
මේ ලියන 'මගේ කවි'
සත්තකින් නුඹටමයි..!

එදා අපි පෙම්බැන්ද
කාලෙ කල කී දෙයින්
අද මගේ මතකයට
නැඟෙන දේ විතරමයි...

කඳුළු කැට අතරිනුත්
පෙනෙන පොඩි පිටු අතර
අමුනාපු වචන ටික
කවි වෙනව නිතැතින්ම...

ඒ කිලෙ නුඹ කිව්ව
පෙම් වදන් සිහිවෙද්දි
කඳුළු එනවා නෙතට
නවතන්න බැහැ මෙමට...

ඈත දුර ආකාසෙ
තරු අතර සැඟවෙච්චි
ඔයා එනකන් තාම
මම හිඳිනවා තනිව..

ඇස් අගිස් රිදෙනවා
සඳ නොමැති දා අහසේ
එලිය දුන් මගේ පුංචි
තරු කැටය සොයද්දිම...

යන්නටම ගිහින් නුඹ
යලිත් මට නොපෙනීම
අමාවක තමයි මට
දැන් ඉතින් හැමදාම...

කවි ලියන මතකයේ
තව ඇත්තේ පොඩ්ඩමයි
ඒ මතක මේ ලෙසට
පිටු පුරා ලිව්ව මං.....

ආදරේ ගැන ඔබට
කියන්නට හිටි කවිය
පණ පොවන්නට කලින්
නුඹ ගිහින් මම දාල....!

4 comments:

  1. මල්ලි , මේක නම් අගේ ඇති වැඩක් , මේ කවිය කෙල්ලන්ටයි , කොල්ලන්ටයි දෙගොල්ලන්ටම ගැලපෙනවා , ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා. මේ ඔයාට,

      හිතට ආවම ලියනවා මම
      පබැඳුවේ මම ගැනම සිතලා
      ගැලපුනා කිව්වාම දෙපසම
      හිතට ලොකුවට සතුට දැනුනා

      Delete
  2. ඉෂාන් නානායක්කාර16 March 2015 at 01:06

    ඔයාගේ මේ වැඩේ අත්තෙන්ම නියමයි.
    අයියා අපිටත් පුලුවන්ද එවන්න කවි ලියලා

    ReplyDelete
    Replies
    1. මේකේ නම් මම තනියම ලියන්නේ මල්ලි කැමතිනම් එවන්න ඔයාලට ඉඩක් දෙන්න පුළුවන්...
      seusl006@gmail.com එකට එවන්න

      Delete