Sunday 17 February 2013

ඔබත් නැතිදා....


ඇස දුටුවට ඔබෙ ලස්සන
සිත පැතුවට ඔබෙ ආලය
කණ නොඅසපු ඔබෙ කටහඬ
අද ඇයි මේ දුර ඈතක

දුර සිට ඔබෙ දෙස බැලුවට
වතගොත ගැන නොදත්තාට
අන්සතු බව නොදැනම මම
සමාවෙන්න පෙම් කලාට

එදා තිබුණු මුව මඳහස
නැත අද මා දකිනා විට
වරද මගේ හැඟෙනා විට
කඳුළු පිරෙනවා දෙනෙතට

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!