Sunday 17 February 2013

අම්මේ......


අම්මෙ නුඹ ගැන හිතෙනවා මට
දහස් වර කවි පද ගොඩක්......
එහෙත් ඒ කවි ගොනු කරන්නට
දෙන්නේ නෑ සිතිවිලි ගොඩක්......
අවසරයි මට මතක් කරනට
අමතකව නෑ කිසි විටත්......
නුඹේ සෙනෙහස ඇත්තමයි මට
වටිනවා හැමදාකදිත්.....
මතකයම ඒ ගැන කියද්දිත්
සියල්ලට පෙර යලි යලිත්....
සිරස නමලා වඳිනවා මම
දෙපා නුඹගේ සිය වරක්....

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!