Sunday 17 February 2013

නුඹ ගැනම...


නුඹ තාමත්
මා එක්ක හිනැහෙනවා
නොදන්නවා වාගේම
ඒත් ඇයි,
නුඹට නොතේරෙන්නේ
මගේ නෙතු නුඹ සමඟ
පෙම් බඳින බව
නුඹ සමඟ එක්වන්න
නුඹ සමඟ හිනැහෙන්න
නුඹට තුරුළුව
හැමදාම හිඳින්නට
කොයි තරම් ආසද....
කොයිතරම් පැතුවාද...
ඒත් කියාගත නොහැකිවම
ලතැවෙනවා තවම
සිතිවිලි එකැතැන්ව
නුඹ ගැනම...

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!