Sunday 17 February 2013

සිත හදාගන්න...


සඳ නුඹ පායාපු අහසම කළු කරලා
සැඟවී ගිහින් යලි ඒ දැයි සැකසිතිලා
ඔබ මා ගියපු ඒ පාරෙම යලි නුඹලා
යන එන බව පේනව මට දුර ඉඳලා

අද අපි තනිවෙලා දෙතැනක මිරිකීලා
කන්දක් උසට තිබු සිතිවිලි බොඳ කරලා
යන්නට ගියා නුඹ මා අද තනි කරලා
සඳ සේ ගියපු මුළු අහසම කළු කරලා

අමතක නෑ මෙමට නුඹ කී වදන් පෙළ
ආලය කරන බව සදහට මටම නුඹ
අද කොයි ගිහින්දෝ පැනලා පොරොන්දුව
මම පමණක් සිතනෙමි වී තනි තරුව

යන්න යන්න නුඹ මාගෙන් දුර ඈත
හැඟෙනව මෙමට නුඹ තව ඇත මම ගාව
තේරෙනවා යලි එනු බෑ මා ලඟට
හදාගන්නවා මගෙ සිත සදහටම

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!