Sunday 17 February 2013

කැම්පස් කාලේ....විභාග මාසේ...


පොත් ටික ගත්තාම කම්මැලි සිතුනාට
චිත්‍රපටිය බලනව එලි වෙනකන්ම
පාඩම් කරන්නට හිත දෙන්නා මෙමට
නමුදු සිතෙනවා කරනට පාඩම්ම

මැවිලා පෙනෙනවා ඩිග්රිය සැබැවින්ම
එහෙත් සිතෙනවා එය සිහිනයක් වග
මොනව කරන්නද මේ කල පව් වලට
තව තියෙනව අවුරුද්දක් පිරෙන්නට

අවසන් වෙලා මෙනව කරන්නද කියලා
හිතුනම ඇ‍ඬෙනවා ඇස්දෙක රතුවීලා
බලමු තව ටිකක් කාලෙට ඉඩදීලා
සිතලා හදා ගන්නව සිත මිරිකාලා

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!