Sunday 3 March 2013

කඳුළු හින්දා.......!

උගැනීම ගැන විතරක්ම මම හදාගත් සිතිවිලි මතින්
නුඹ ගියා ඇවිදන් මගේ මතකෙන් නොයන්නට හෙමි හෙමින්
ඇත්තමයි සුළඟක් වගේ නුඹ ඇවිත් ගිය හැටි හිනැහෙමින්
ඉතිරි කලෙ කඳුලක්ම විතරයි මගේ නෙතු අග කකියමින්

මගෙ සිතිවිලි හදාගන්න වෙරදැරු කාලේ
නුඹ ඇවිදින් හිනාවුනා සිතතුල මාගේ
ඇත්තයි යලි මුලා වුනා දැනුනා වාගේ
සිව් වසරක් ඇඳි සිතුවම් බොඳවෙල යන්නේ

යලි යලි සිදුවුන දේවල් අමතක කරලා
හදාගත්ත බිඳුනු සිතට වසරක් ගෙවිලා
ලංවුන නුඹ මගෙ ලෝකෙට සුරඟන වීලා
සිතුවේ නෑ මරඟන වේ යැයි අඳුරෙ මා හෙලා

ඇත්තයි මේ හැම දෙයක්ම සිදුවුන හන්දා
විස්වාසය මා ලඟ නෑ ආදරේ කියා
යන්න යන්නදුර ඈතට ලං නොව සදා
උදේ සවස ඉල්ලනවා දෙවියන් පුදලා

2 comments: