Sunday 17 March 2013

නවත්තන්න හිතාගෙන.....

මගෙ කවි කියවලා හඬනවා ඇය තාම
හිතෙනව ලිව්ව ඇති දැක්කම ඇගෙ කඳුල
වාවන්නට බෑ පෙම් කල හින්දාම
විඳවමි සිතේ සිරකරගෙන කවි පොතම

කවි පද වලින් මම සෙව්වේ සැනසීම
ලිව්වා මගේ දුක කැටි කර වචන වල
සිතුවේ නෑ දකී කියා ඇගේ නෙත
හැඬුම් කඳුළු ආවේ නිසා අපෙ ගැනම

දකින නිසා ඇගෙ නෙත මේ ලියන කවි
නවතිනවා මම මෙතැනින් ලියුම සකි
හිතෙනව මටම මම කරනා දෙයම හරි
කුමන අදහසද ඇත්තේ නුඹට සකි

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!