Tuesday 19 March 2013

නුඹම පතාගෙන

සඳ නුඹ ගැනම
සිතමින් තවම
මම තනිවෙලා
අමාවක දිනක

කවදත් නුඹේ
තනියට ඉඳපු
තරු රෑන කොහිද
සොයමි මම

නුඹේ සඳ එලිය
සඟවන්න හදපු
වලාකුල නොමැත
පෙනෙන මානයක

අද නොමැති වුවද
මතු දිනෙක එන්න
සිසිල ගෙන සිතට
විඳිමි අද දිනට

යලි ආපු දිනට
නොයා කිසි දිනක
මටම විතරක්ම
සිසිල දෙනවාද

2 comments: