Sunday 3 March 2013

වෙරදාල තනිවුනා.......!

ඒ කාලේ නුඹේ ගැන
කියූ කවි වල සුවඳ
තාම මට දැනෙනවා
දැනෙනවා සත්තකයි
අමතකව නෑ නුඹේ
වදන් මට කිසාදාක
 
එහෙත් එය සත්තකයි
අමතකව ඇත නුඹට
තෙරපුනා හිනැහුනා
නුඹේ ගැන සිතිවිල්ල
එහෙත් ආයාසයෙන්
වෙරදාල තනිවුනා
ආව ගිය තැන් ඉඳපු
අයම විතරක් නොවී
යලි එන්නෙ කවදාද
මගේ සිත විමසුවා
පිලිතුරක් නොමැතිවද
මගේ සිත හිනැහුනා
වැලපුනා තනියෙන්ම
නුඹේ ගැන සිත සිතා

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!