Sunday 3 March 2013

අභාගයේ විභාගය

කැම්පස් යන්න කියලා
ලියුමක් ආපු හින්දා
මම ආව දුවලා
ඩිග්රිය ගන්න හිතලා
පාස් වුන හින්දා
උසස් පෙල ලියලා
කරුම ගෙවෙනා හින්දා
හිතුනා ආවේ කියලා
සිව් වසර හින්දා
හිත හදන් උන්නා
ස්ට්‍රයික් හින්දා
කවද වේද මන්දා
උසස් පෙල කාලේ
පාඩම් කල තාලේ
සිහිවෙලා රාලේ
කඳුළු එනවා හිතට මාගේ
දැන් තියෙනවා නේ
මිටි ගනන් පොත් සාලේ
කියවන්න ඕනේ
ගන්න ඩිග්රිය මාගේ
හිම වැටෙන කාලේ
වාගේ මගේ ජීවේ
කාමරේ මාගේ
සිරවෙලා ඉන්නේ
පද නෑනේ එන්නේ
වෙනදාක වාගේ
සිරවෙලා ඉන්නේ
විභාගය අස්සේ

1 comment:

  1. 8.30 යි නැගිටිනකොට උදේ මම
    9.00 තියේ මට යන්නට විභාගෙට
    කැන්ටිමෙ දෙවෙනි නෑ පෝලිම බඩවැලට
    කනෙත් නැතිව මම යමි අද විභාගෙට

    ReplyDelete