Wednesday 6 March 2013

නුඹේ කඳුලට......



ඉසුරුමුණියේ පෙම් යුවල ලෙස
වෙලී පැටලී දිවි ගෙවන්නට
අනේ අකමැති මොන මෝඩයද
සොඳුරියේ අද කියාපන් මට

මුම්ටාස් වෙනුවෙනුයි කියලා
සාජහාන් රජ සැදු මාලිගා
තනන්නට බෑ නුඹට කියලා
මම තාම රජ නොවුන හින්දා

කිව්ව දා නුඹ ගියා හැරදා
යලි නොඑන බව දිවුර දිවුරා
පෙම් යුවල ගැන සිහින මවලා
මම මෙතෙක් තනියෙන්ම උන්නා

කවදාක හරි මගේ කියලා
පැල්පතක් හදනවා හිතලා
කරනවා වැඩ වෙහෙස නොබලා
නුඹෙ ලොවට රජ වෙන්න සිතලා

කවුද කාගෙද නොදත් හින්දා
නුඹට මට බෑ කියනු දිවුරා
ආදරෙයි මම කියමි හඬගා
යන්නෙපා මා මෙහෙම හැරදා

කඳුළු පුරවපු මගේ ඇස් දෙක 
නුඹේ ඇස් ලඟ සනසවා ගෙන
දිවි ගෙවමු අපි අපේ ලෝකෙක
සතුටු කඳුලින් හිත් පුරෝගෙන

2 comments: