Saturday 9 March 2013

නුඹ නොමැති දා....

නුඹට වචනෙට කිව්ව නොව මම
ඇත්තටම මම ආදරෙයි
මගේ සිත තුල රැඳෙනවා නොව
සිතේ රැජිනිය නුඹ තමයි
ආදරෙයි මුළු හදවතින් මම
ඇත්තමයි ඒ නුඹ තමයි
නුඹේ සිත තුල මා නොමැති නම්
උරුම මට මේ දුක තමයි
රැඳුනනම් නුඹෙ සිතේ මම ගැන
දැනේවි රජ වුන ලෙසේ
නුඹේ මතකේ නැති නිසා මම
දැනෙනවා තනිවෙල වගේ
උරුමයයි දුක මගෙ සිතේ

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!