Saturday 9 March 2013

රිදෙනවා හොඳටෝම.....

වචන නෑ කියන්නට
ගොළුවෙලා මගේ සිත
නුඹෙ නමට ලියූ කවි
විසිකලා ඈතටම

යන්න නුඹ අද ගියා
නොඑන්නට දුර ඈත
තනි වෙලා මගේ සිත
හදා ගනු නොහැකි ලෙස

කුඩුවෙලා අපේ පෙම
විසිවුණා කෑලි ලෙස
හදවතේ ඇනුණු තැන
රිදෙනවා හොඳටෝම

1 comment: