Thursday 4 April 2013

නුඹේ සිතිවිලි

මගේ දෙස බලා උන්
නුඹේ ඔය නෙත් දෙකෙන්
කොතෙක් නම් වතාවක්
ආදරේ කීවාද

හිතේ හිරවෙච්චි දුක්
සංකාව එක්ක මම
තනිවෙලා නිසාවෙන්
දැක්කේ නෑ ඒක මම

ආඩම්බරයි මම
වටිනකම නෑ නුඹට
කිව්ව ඒ වදන් පෙල
මතකයිද දුකින් නුඹ

ඇත්ත මම ලතැවෙනව
නුඹ නොමැති නිසා අද
හිතනවා ආයෙමත්
එවි මම නුඹෙ සිතට

වටිනවා අද නුඹව
එහෙත් නෑ මම ලගට
ඈත දුර තනිවෙච්චි
තනි තරුව වෙලා මම

මම කිව්ව හරි නේද
සිතිවිලි වදන් කර
නුඹේ සිත ඇතුලෙ මම
තාම ඉන්නව නේද?

1 comment: