Thursday 4 April 2013

වෛර කල නොහැක මට

හිතේ මතකය මතම
සිරකරපු සිතිවිලිම
සොයනවා ඇය ගැනම
සිර කරන් කඳුළු කැට
අයිතියත් අහිමි ඇය
යලි ඇවිත් මගෙ ලඟට
දොඩමළුව මගේ ලඟ
කෙලෙස විඳිනෙද සතුට
දන්නවා නොමැති බව
දෙදෙනාට දෙදෙනාම
එහෙත් එහි වදන් ඇත
අරුතක් නොමැති වුව
අහන කියනා දෙයට
කෙලෙස පද බඳින්නද
වරක් පෙම් කල සිතට
වෛර කල නොහැක මට
එනිසාද නොදැන මම
දොඩමළුව ඉඳිමි අද
යලිත් නුඹ මතු දිනෙක
යන බවත් දැන දැනම
මොනව කියනද නුඹට
සිතාගත නොහැක මට
වරක් පෙම් කල සිතට
වෛර කල නොහැක මට
වෛර කල නොහැක මට

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!