Thursday 4 April 2013

දුර ඈතක ගියේ කෙලෙසද?

ආදරෙයි කියා නුඹ කොහොමද දුරක ඇදුනේ
ආදරේ කරපු සිත කොහොමද තනියම හැදුවේ
මා දැකල නුඹේ නෙතු අද අහක බලන්නේ
මට කියා දෙන්න මම විතරද ආදරෙ කෙරුවේ

ඇස් අද්දර කඳුළු බින්දු දඟ කරපු හැටී
අමතක නෑ වෙන් වෙනදා නුඹ හඬපු හැටී
වෙන්වෙනකොට නුඹේ සිතැඟි මට දැනුන හැටී
කවදාකදිවත් දැනුනේ නෑ නුඹෙ සිතට රිදී

ආදරේ වෙන්න බෑ කවදාවත් මගෙ හිතට
ලං වෙන්න ඕන වුනත් බැහැනේ ආලේ කරන්න
නුඹෙ සිනාව නොමැතිවු දා කෙලෙස හිඳිම්ද
මට කියාදෙන්න දුර ඈතක ගියේ කෙලෙසද


No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!