Wednesday 1 May 2013

ඇත්තමද......

කඳුළු දුටුවා නුඹේ නෙතු අග‍
දුකින් සැලුනා මගේ හදවත
අමතකව ගිය නුඹේ මතකය
යලිත් පිරිලා මගේ මතකයෙ

කඳුළු අමතක කලත් ඒ දින
තවම හඬනව සැඟවිලා සිත
නුඹේ මතකය ඇවිත් සිතලඟ
කඳුළු පුරවල මගේ නෙතු අග

ඇසට නොපෙනෙන දුරක ඉඳගෙන
පෙම් කරනවා අපිම අපටම
කවුරුවත් නොදැනීම ඒ ගැන
ලංවෙලා යලි යලිත් අපටම

ඇත්තමයි ලංවෙලා මේ මට
කුමන සැපතද ලැබුනේ නුඹ හට
වරෙක හැරගොස් යලිත් එන්නට
මොකක් දැක්කද මගේ ලඟ නුඹ

වටහ ගන්නට බැහැනේ මේ මට
ඇත්තටම නුඹ ආදරෙද මට
පවසන්න මට ඇත්ත දේ නුඹ
දන්නේ නුඹ පමනක් නිසාවම

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!