Tuesday 4 June 2013

ඔයා ලඟ

හිතේ තනිවුන පෙමක් මැදිකල
ආදරේ මුල් පිටු තුනේ
නුඹේ නම ඇති මගේ නම නැති
තැනක් තිබුණා අන්තිමේ
හිතේ ලඟ ඇති මගේ ලඟ නැති
නුඹේ හදවත නැවතුනේ
ආදරේ නැති ජීවිතේ ඇති
කෙනෙකු ලඟ ඇති මහමඟේ

5 comments:

  1. කෙටි වුනාට ලොකු විරහවක් දැනෙනවා!
    ලස්සනට පද ටික ගලපලා තියෙනවා සහෝ

    ReplyDelete
  2. හ්ම්..... ලස්සනයි. දුකයි.

    ReplyDelete
  3. ස්තූතිය හැමෝටම

    ReplyDelete
  4. අහම්බෙන් හරි හිතට එනකොට රිදෙනවා ඇති හිත හ්‍රුගක්
    දෑස් පොපියා මග බලාගෙන ඉන්න හිතෙනවා ඇති ටිකක්
    නෙත් කෙවෙනි අග පහුරැ ගගහා හිතත් අඩනව ඇති විඩක්
    නුඹට හිමි නැති ඇගේ විජිතයේ ඇයත් අඩනව ඇති ගොඩක්

    පටා

    ReplyDelete