Tuesday 11 June 2013

උපාධි ගන්න හිතද්දී.......

කැම්පස් පටන් ගන්නේවත් නැති හින්දා
ජීවිතෙ ගෙවිල නිකරුනේ යන ඒ හින්දා
තැන තැන දුවන හිත එකතැනකට කැන්දා
ඉගෙන ගන්න මට මෙහි බෑ නුඹ හන්දා

කළුවර තැනෙක ඉඳගෙන හඳ එලිය යට
සෙලවෙන හිතත් තැබුවා රන් විමන යට
පොත්වල තියෙන පාඩම් සැඟවිලා හෙට
හිත දුවනවා හොයලා රැකියාවකට

අම්මේ තාත්තේ ගතකල ඒ කාලේ
පාස්වෙන්න විතරයි පාඩමක් කලේ
හැකියාවන් සඟවල මගෙ හිත පතුලේ
උපාධියම ගන්නයි උත්සාහ කලේ

මාස තුනයි තව දෙසතියකින් ඔන්න
නිවාඩුවට අරුතක් කැටි කර ගන්න
ගෙවුන වසරෙ පාඩම් මතකෙට ගන්න
හිත දෙන්නෑ ඊලග වසරට යන්න

කඳුළු පිරුණු දෙනෙතින් නුඹ බලන කොට
ඉරී වැටෙන ඇඳුම් කෑලි දකින කොට
වහලෙන් වැටෙන වැහිපොද බිම තෙමන කොට
කැම්පස් යන්නෙ කොහොමද දුක් විඳින කොට

අවුරුදු තුනක් වෙනුවෙන් නුඹ ගත්තු ණය
සියල්ල අවසන්ය ඉතිරිය මගෙ පණය
ඉරුණු කමීසය කලිසම පරණය
මොනව කරන්නද මට උරුම මරණය


4 comments:

  1. කැම්පස් එකට ආවේ පාඩම හින්දා
    කැම්පස් ජීවිතේ රස ගුණ ඇති හින්දා
    මරණය සුදුසු බයගුල්ලන්ටම හින්දා
    මං නං උපාධිය ගන්නවා හොඳ හින්දා

    කරනට බැරි වැඩක් නැත ඒ උපාධියට
    තේරෙන්නේ එහි අරුත ඩිග්‍රිය ගත් අයට
    ඉවසා ඉන්න පුතුනේ විඳ දුක් ගැහැට
    වටිනව ලැබෙන ශක්තිය එය ලැබුනවිට!!!

    ReplyDelete
    Replies
    1. උපාධියේ වටිනාකම දන්න නිසා
      මෙතුවක් කලක් ඉවසාගෙන හිටිය නිසා
      තව ටික කලක් ඉවසන්නට හිතෙන නිසා
      මම ඉන්නවා හඬනවා ගතවී යන වයස නිසා

      Delete
  2. නින්දක් නැති ව වෙහෙසෙන කොට පෙරදාක
    නිදිවැරෑවා මගේ අම්මා හැමදාක
    සිහිවී ඇගේ හසරුල් මට එනදාක
    තාමත් විදිමි සරසවියේ දුක් නේක

    ReplyDelete