Wednesday 25 September 2013

සොඳුරු මතකයන් නුඹ ගැන.......

වැව් ඉවුර දිගේ නුඹ
ඇවිදන් යන අන්දම
දුර තියාන බලන් ඉන්න
බව දන්නව නුඹ යලි හොරැහින් බැලුවට

සුදු පිරුවට ඇඳගෙන
පෝ දාට පන්සලට
නුඹ යන හැටි මට මතක්වෙනව
තෙල්මල් අරගෙන ලැසි ගමන් ලතාවට

නුඹ නීල නයන ලඟ
හිත හීන මවාගෙන
බොරු තරහක් ගෙන මවාපාන
ආදර බැල්මට මම ආලෙන් බැඳුනට

මතු දවසක මම නුඹ
කාරකාර බඳින්නට
හත්දවසක් මඟුල් කන්න
ගමට ඇසෙන්නට නුඹ කැන්දන් යන්නට

4 comments:

  1. මේවගෙ ලස්සන හිනයක් තිබුන කාලයක්

    ReplyDelete
    Replies
    1. ආහ් මම හිතුවා මට විතරයි කියලා

      Delete
  2. නුඹ නීල නයන ලඟ
    හිත හීන මවාගෙන
    ලස්සනයි ලස්සනයි ලස්සනයි

    ReplyDelete