Thursday 12 September 2013

අප්පච්චී



උදේ ඉඳලම...
මහන්සි වෙලා...
වැඩකරල...
දවසටම...
වතාවක් දෙවතාවක් දකින..
හීන ගොන්නක් පොදි බැඳන්...
දුර හිතල වැඩකරන...
ඒත්,
හැමදාමත්...
වෙහෙස අමතක කරලා...
මාව තුරුළු කරන් හුරතල් කරපු..
ජීවිතේ ගැන කියල දුන්න...
අප්පච්චී...
කවදා හරි දවසක...
මුළු ලෝකෙම දිනල...
මම ආයෙත් එනවා...
තුරුලු වෙලා...
හුරතල් වෙන්න..
මගේම අප්පච්චි එක්ක...

2 comments:

  1. හැම අප්පච්චිම බලාන ඉන්නේ ඒ දවස එනකං තමයි

    ReplyDelete
  2. මහ කලුවට පහන් වැටක් වෙන අප්පච්චි
    සැඩ සුළගට මග අවුරනවලු අප්පච්චි
    හීනෙන්වත් ළගට ඇවිත් නැති අප්පච්චි
    කියාගන්න නුඹෙ රැව ගුණ නැත මට නිච්චි

    ReplyDelete