Friday 11 October 2013

නුඹ එනතුරු.....

කුල්මත් කරයි මා සිත නුඹ දැක්කාම
වල්මත් කරයි වටපිට සිටි කොලු රෑන
සිත්ගත් ලඳක් ඉන්නව මගෙ සිත ගාව
යන්නත් අවසරයි නුඹෙ රුව නොබලාම

කටකාර නුඹෙ ලඟින් ඉන්නට තවත් අවසර දෙනවද
හැඩකාර නුඹෙ ලඟින් ඉන්නම් සදා පෙම්බර වෙනවද
කරකාර බන්දාල ගෙනයමි යන්න මා හා එනවද
වෙමි බාර නුඹ මගේ වෙන්නට දෙවොල වඳිනට එනවද

රල ගැටෙන හඬ ඇසෙන මානේ නුඹේ රුව මා සොයද්දි
කිසි දාක මා නුදුටු නුඹෙ රුව ඇස ගැටේවී සිතද්දී
යලි යලිත් මා සිතට ඇවිදින් දඟ කරන මා සිතැත්තී
සිය දන අතරින් දකින මා පෙම්බරී මා රුවැත්තී

No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!