Sunday 15 December 2013

විභාගය අත ලඟ

 
සතියක් දෙකක් තියමින් අපෙ විභාගය
විශයක් දෙකක් ඇණ වෙනවා සත්තකය
කරුමෙක මහත මම අවසන් වසරේය
ඇණයක් තිබුනොතින් බඩගා ආ යුතුය

රිසාල්ට් දකිනවා සිහිනෙන් බයවෙනවා
ජොබ් එක දකිනවා නිතරම බොඳ වෙනවා
ඇස් දෙක රිදෙනවා පොත් පිටු දියවෙනවා
මව් සිහිවෙලා නෙතු කඳුලින් බර වෙනවා

කාලසටහනේ  හැමතැන නෙතු යනවා
සබ්ජෙක්ට් දකිනවා පාඩම සිහිවෙනවා
කළුවර වැටෙනවා මට අමතක වෙනවා
නිදිමත නිසා මම ආයෙත් නිදියනවා

කවුරුත් බයවෙලා පාඩම් කරන කොට
මගෙ හිත බයයි වගකීමක් තියෙන කොට
අවසන් කියා මගෙ හිත මම හදන කොට
ලෙක්චරයාට වඳිනෙමි අත් එකට කොට

4 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. දවස් 14 ක study leave එකේදී subject 11ක් ගොඩදාපු සුන්දර අතීතය සිහිවුණා..........


    කාංචනා චන්ද්‍රෙස්කර

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වලට ඔළුව ඇතුලෙන් කරවෙන ගඳකුත් එනව නේද? =D

      Delete
  3. කවි ටික නම් නියමයි. (Y)

    අනිත් අවුරුදු වල නම් හිතෙනවා රිපීට් උනත් ඊළඟ අවුරුද්දෙ කරන්න පුලුවන්නෙ කියල. ඒත් අන්තිම අවුරුද්දෙ එක්සෑම් එකේදි එහෙම බෑනෙ. ඒ නිසා බයටම ඉබේම පාඩම් කෙරෙනවා :)

    ReplyDelete