Tuesday 19 March 2013

ආයෙත් එන්න....

මට අහිමි මගේ පෙම
මා ගැනම සොයනවා
දැන දැනත් අහිමි බැව්
අප අපටම
කවුරුවත් නොසොයන
මම ගැනම ආදරෙන්
විමසනව නිරතුරුව
මගේ තොරතුරුම
දන්නවා ඇයත් අහිමි බැව්
අප අපටම
නමුදු
සිහිවෙනවා ඈ ගැනම
නිරතුරුව මටත්
තවමත් මම
බලන් ඉන්නවා
ඒවි ඇය මා තුරුලට
මගෙම විතරක් වෙලා

නුඹම පතාගෙන

සඳ නුඹ ගැනම
සිතමින් තවම
මම තනිවෙලා
අමාවක දිනක

කවදත් නුඹේ
තනියට ඉඳපු
තරු රෑන කොහිද
සොයමි මම

නුඹේ සඳ එලිය
සඟවන්න හදපු
වලාකුල නොමැත
පෙනෙන මානයක

අද නොමැති වුවද
මතු දිනෙක එන්න
සිසිල ගෙන සිතට
විඳිමි අද දිනට

යලි ආපු දිනට
නොයා කිසි දිනක
මටම විතරක්ම
සිසිල දෙනවාද

Sunday 17 March 2013

නවත්තන්න හිතාගෙන.....

මගෙ කවි කියවලා හඬනවා ඇය තාම
හිතෙනව ලිව්ව ඇති දැක්කම ඇගෙ කඳුල
වාවන්නට බෑ පෙම් කල හින්දාම
විඳවමි සිතේ සිරකරගෙන කවි පොතම

කවි පද වලින් මම සෙව්වේ සැනසීම
ලිව්වා මගේ දුක කැටි කර වචන වල
සිතුවේ නෑ දකී කියා ඇගේ නෙත
හැඬුම් කඳුළු ආවේ නිසා අපෙ ගැනම

දකින නිසා ඇගෙ නෙත මේ ලියන කවි
නවතිනවා මම මෙතැනින් ලියුම සකි
හිතෙනව මටම මම කරනා දෙයම හරි
කුමන අදහසද ඇත්තේ නුඹට සකි

Saturday 16 March 2013

නුඹ නමට.....

අකුරින් අකුර පද ඇමිණුවෙ නුඹ නමට
දුරකින් දුරක මම සෙව්වේ නුඹේ රුව
හදකින් දුරක මට දැනෙනව නුඹේ සුව
ඇත්තයි නුඹම විතරයි ඈතක මෙමට

ආදරෙ කියන වචනයේ නෑ මට අරුත
ජීවිතෙ කියන දේටත් නෑ වටිනකම
නුඹටම නුඹට විතරම මම පෙම් බැන්ද
හින්දද මට උරුම මේ දුක සංකාව

දෑවැදි ආභරණ වතුපිටි නොපැතු මම
ආදරෙ එක්ක පැතුවා මනුසත් කමම
ජීවිතෙ ජීවත් වෙන්න සතුටින් හැමදාම
සත්තයි නුඹෙ ලඟට එනවා මතු දාක

අහිමිව අන්සතුව තිබුනත් නුඹේ නම
සත්තයි නුඹේ නම කියවෙයි සිහින වල
ඇත්තට දකින මේ නුඹගේ හැරයාම
වාවනු බෑ මගේ හදවත පතුලෙන්ම

පදවැල් ගොඩක අමුණපු ඒ නුඹේ නම
රැකගමි දෙවන තැන තියලා නුඹේ පණ
වැටිලා බිඳුණු වීදුරු මෙනි මගේ පණ
සොයලා ගන්න බෑ විසිවී හැමතැනම

පෙම් පිරූ සිත....



මගේ අඩෙවිය කියවන යාළුවනේ මම මේක ලිව්වේ නම් සිංදුවක් කරන්න. ඒත් ඒක සිංදුවක් කරන්න තරම් කෙනෙක් හොයා ගන්න නෑ. මම දන්න අය නැති නිසා. ඔයාල කවුරුහරි එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න මේක සිංදුවක් කරන්න.
මම දාපු තාලයකට මම මේක කියල මගේ මොබයිල් එකෙන් රෙකෝඩ් කලා. ඒකත් අහන්නකෝ....!
***************************************************

පෙම් පිරූ සිත නුඹෙ ගැනම කවි
ලිව්ව කිව්ව අද නෑ
දුරක ගිහින් නුඹ තරහ වෙලා අද
අපි අපෙම වුනේ නෑ

ආදරේ කලා අපී සරසවිය පුරාවට
අත් බැඳන් ගියපු හැටි කතාවුනා හැම තැනම
අපි අපේ නොවුනාට සැවොම දනි අප ගැනම
පෙම් පුරාණයක් අද සරසවියේ ඇත අපට
සරසවියෙ ඇත අපට....

පෙම් පිරූ සිත.....

ආදරෙයි ඔබට මම කිව්වෙ ඔබෙ මුවින් මට
මතු දිනෙක අපේ වෙලා ඉඳිමු එක කැදැල්ලක
තනි කරල ලෝකයට හැර ගිහින් මාව අද
යන්න ඔබ හිඳිමි මම තනිවෙලා හැමදාම
තනිවෙලා හැමදාම

පෙම් පිරූ සිත......

***********************************************************

Wednesday 13 March 2013

දන්නවද......?

මතකයිද?
අපි අපේ වෙලා ආදරේ කල හැටි....
සතුටින් හිනාවුන හැටි....

ඒත්,

කොහේදෝ තිබ්බ වලාවක් ඇවිත්
ඔයයි මමයි වෙන්කලා....
කොයි කාටවත් නොතිබුණ විදිහේ ගැටළුවක්
ඔයාගේ හිතට ඇවිත් ඔයා මගෙන් ඈත්වුණා...
ආයේ ලං නොවෙන්නම.....
එදා ඉඳන් අවුරුදු ගානක්
මම තනිවුනා....

දන්නවද...?

ඔයා එනකන්ම....
අනිත් අය සතුටින් ඉද්දි
අපි වගේම ලංවෙනවා දකිද්දි....
මට දැනුනා,
ලොකු දුකක් මං ගැනම.....
කඳුළු හිර කරන් මම හිතින් ඇඬුවා...
මට නැති දේ ගැන....

දන්නවද....?

මගේ මතක කවිපොත ඉරල දැම්මා...
හැමදේම අමතක කරන්න...
බිඳිල කුඩුවුන හිතට
අළුත් බලාපොරොත්තුවක් හෙව්වා
ඒත්,


කාලෙකට පස්සේ...
අළුත් ජීවිතයකට ලංවුනා...
මට ලංවෙද්දි තම තේරුණේ...
මතක පොතේ පිටු ඉරුවට
හිතේ ලියැවුන මතක ඉරන්න බෑ කියල...
හිතුනා හැමදාමත්ම..
ලංවෙන්න ඔයාට... ඔයාට විතරක්ම
ඒත්,


මම බලද්දී ඔයා නෑ....
හීනයක් වාගේ ඇවිත් ඈතටම ගිහින්....
එදා,
මට තේරුණා.. මට ඔයා විතරමයි කියල...


කඳුළු එක්ක තනිවුන ජීවේට
ඇන් ඔයා යෙත් ඇවිත්....
දන්නවද......?

යෙමත් මගෙන් ඈතට යන්න ොදී
ේම කරන් මේ ලඟ තියාගන්න
ආසයි.......
ඒත්,

මට තාම බය හිතෙනවා
ඔයා,
ගෙන් යෙත් ඈත්වෙයි කියල
හිතට දැනුන පුංචි සැනසීමත් අරන්
ේ හිතින් ඈතටම...
යෙමත්...

කඳුළු පිරැණු ජීවිේ මාව
තනිකරල‍.....

දන්නවද.....?

මම තාමත් ඔයාට ආදරෙයි...!

ේ පණ වේම...

කඳුළු අතේ තනිවු
කඳුළු කවිවල සිරවුන
අඳුේම සැඟවුන
මම.......

දන්නවද.....?      

Saturday 9 March 2013

රිදෙනවා හොඳටෝම.....

වචන නෑ කියන්නට
ගොළුවෙලා මගේ සිත
නුඹෙ නමට ලියූ කවි
විසිකලා ඈතටම

යන්න නුඹ අද ගියා
නොඑන්නට දුර ඈත
තනි වෙලා මගේ සිත
හදා ගනු නොහැකි ලෙස

කුඩුවෙලා අපේ පෙම
විසිවුණා කෑලි ලෙස
හදවතේ ඇනුණු තැන
රිදෙනවා හොඳටෝම

සිත පුරාවටම.....!

පොතේ පිටු අස්සේ
නුඹේ රුව දැක්කේ
කොහොම මම ඉන්නේ
නුඹ තාම නෑනේ

හිතේ මුළු අස්සේ
දැනුම හැංගෙන්නේ
නුඹ පිරිල අස්සේ
උන්ට ඉඩ නෑනේ

කවදාද ආයේ
මා නුඹ දකින්නේ
නැහැනේ මම දන්නේ
නුඹ ගිහින් නේ

ඒ කාලේ වාගේ
මම ලඟට එන්නේ
නැත්තේ ආදරියේ
තරහෙන්ම වාගේ

තනිවෙලා ඉන්නේ
තනිය පුරුදුයිනේ
ගෙවනවා ජීවේ
මැරෙනකන් මතකේ

නුඹ නොමැති දා....

නුඹට වචනෙට කිව්ව නොව මම
ඇත්තටම මම ආදරෙයි
මගේ සිත තුල රැඳෙනවා නොව
සිතේ රැජිනිය නුඹ තමයි
ආදරෙයි මුළු හදවතින් මම
ඇත්තමයි ඒ නුඹ තමයි
නුඹේ සිත තුල මා නොමැති නම්
උරුම මට මේ දුක තමයි
රැඳුනනම් නුඹෙ සිතේ මම ගැන
දැනේවි රජ වුන ලෙසේ
නුඹේ මතකේ නැති නිසා මම
දැනෙනවා තනිවෙල වගේ
උරුමයයි දුක මගෙ සිතේ