Monday 14 April 2014

නුඹට ලියන මගේ කවි 10

නුඹට නොදැනිච්ච
මගේ පෙම් පිච්ච
මලට සිදු වෙච්ච
කරුණ ලිය වෙච්ච
දළු ලාපු පිච්ච
ගහේ අග වෙච්ච
පොහොට්ටුව පිච්ච
බිම වැටී චප්ප
හිතේ ඇති වෙච්ච
පැතුම සුන් වෙච්ච
පුදන්නට පිච්ච
මලත් නැති වෙච්ච
නමුදු නොපිපිච්ච
මලට සිදු වෙච්ච
දෙයට දුක් වෙච්ච
කුරුලෙකුගෙ කිච්ච
ඇහුන තනි වෙච්ච
හිතක් දුක් වෙච්ච
-----සුලා----

1 comment:

  1. අලුත් බ්ලොග් අඩවියක් වගෙ. ලියන්න පද වැල් එකතු කර තව තවත් අපෙන් සුබ පැතුම්.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete