Sunday 15 March 2015

පෙම් කරන නුඹට........

පෙම්බස් දොඩන නුඹ ඇල වී උරහිසට
අතැඟිලි හෙමින් මිරිකාගෙන ඉන්නකොට
යන්තම් හොරෙන් එබිලා මාගේ නෙතට
මුමුණා කියයි තොල් උල් කරමින් කණට

මවුපිය කැමැත්තක් හැමදා නැති හන්දා
ආදරෙ කරන නුඹ හැමදා පැතු හන්දා
ජීවිතෙ අඳුරු කර ගන්නට බැරි හන්දා
එන පෝයට නුඹ යනවද මා කැන්දා


කන්ද දිගේ උඩටම පය තියන කොට
බතුයි පරිප්පුයි දෙවේල කැවෙන කොට
පැල තුල වැහි බිඳු එක දෙක වැටෙන කොට
අමතක වෙලා යයි පෙම් කල බව නුඹට

සතියක් දෙකක් පෙම් බස් කියමින් ඉඳපූ
වරුවක් දෙකක් ලඟ ඉඳ හිස අත ගාපූ
මිනුමක් නැතත් දෙන්නෙමි සැප යැයි කියපූ
දිනයක් කොයිද අමතක වෙයි පෙම් කරපූ


6 comments:

  1. Bitter truth inside love. I might be de same.... :) to be honest

    ReplyDelete
    Replies
    1. Happy to have honest people in this world. Thank you for being honest. =D

      Delete
  2. Thats true sula ayye.aga hingakam enakota adaraya peela doren panala yanva.anthimata wenne bandinna kalin thibunu adarayak ne.dennta denna russanne nathuva yanva......

    ReplyDelete
  3. පට්ට කවි ටික මචං....

    ReplyDelete