Monday 12 October 2015

රටකට ‍මොහොකටද මෙච්චර ඇමතිවරූ


ඡන්දය එද්දී එනවා නිවසක් ගානේ
ඡන්දය දිනන දා රටටම ජය පානේ
ඡන්දය අවසාන වුන පසු ගිය පාරේ
ඡන්දය තිබුනාද මතකෙත් නැහැ රාලේ

පස්සෙන් ගියපු උන් තෝරා බෙදන කොට
නින්දෙන් වුනත් ඇරෙනවා පෙනෙන කොට
මන්දෙන් බෙල්ල හිර කරලා මැරෙන කොට
යන්තන් මතක් වුනෙ ඡන්දෙදි වුන ගැහැට

ඉඩකඩ අරන් මහපාරේ දුවන යුරූ
බඩකට පුරවන්න වියදම් ගොඩක් දැරූ
ඉඳ හිට රටට වැඩ ඩිංගක් කරන හොරූ
රටකට මොහොකටද මෙච්චර ඇමතිවරූ

වරුවක දෙකක වැඩ අවුරුදු ගනන් කෙරූ
දවසක දෙකක වැඩකින් ලොකු මුදල් ගැරූ
සවසට ඇවිත් මත් වී රට වෙනස් කෙරූ
රටකට ‍මොහොකටද මෙච්චර ඇමතිවරූ

1 comment:

  1. හිටපු ජනාධිපතිගේ ගෙදරම දැන් කෙනාත් හිටියානං මේ අවුරුද්දේ අපිට කෝටි ගාණක් ලාභයි.... දැන් ඉතින් අායෙම රජමාලිගා හදන්න කෝටි ගණන් ඒපැයි...

    ReplyDelete