Tuesday 25 April 2017

මිනිසකු මල දවසක.....

මිනිසෙකු මල දවසට
පැතුම් දහසකි
මග දිගට බිත්ති වල
නිවන් සුව ලැබේවා
යලි යලිත් අප අතර උපදීවා
නිවන පතා උපත පතන
කෙලෙස ඉටුවෙයිද ප්‍රාර්ථනා
කාගේ ඉටුවෙයිද ප්‍රාර්ථනා
නැවත උපතක්ද පැතිය යුතු
නිවන වෙත යන සසර ගමනක
සිතනු මිනිසුනි තවම අප
සසර කෙලවර සොයන
ජීවයක් ඇත්තවුන් නිසාවෙන්
මිය ගිය ජීවය නොවී අද
නුඹටත් මටත්
මෙලෙසම ලියනු ඇත
නුඹ හා මා මල දවසක