Wednesday 3 May 2017

කවි කොලය

හිත අස්සෙ අත දාන
හොයනවා තවම මම
නුඹ නමට ලියා තැබු
කවි කොළය කොහිද නැත
බැලුවාම දුර මුල්ලෙ
මකුළුවෙකු වට කරපු
සුදු පාට දැල් අස්සෙ
අකුරු එදවස මගෙම
හෙමි හෙමිට ලංවුනත්
කවි කොලය කියවන්න
හරස් වුන මකුළුවා
තර්ජනය කලා මට
නුඹට දැන් කවි කොලය
නොහිමි බව දැනගන්න
කවිය නැති නුඹ අදට
ඇයගෙ තුරුලට යන්න