Saturday 26 March 2022

සිඹිනු බැරි දෙතොල

දිගු දෑස ක්ෂිතිජයේ 

පුරා එහෙ මෙහෙ දුවන

කෙහෙරැල්ල සුළං රැලි

වැදී එහි මෙහි රඟන 

හසරැල්ල සදා මා

හිත පුරාවට දවන

සුර අඟන දෙව්ලොවින්

බිමට වැඩියේ මොටද

හිතේ කෙලවර තැනක

අගුළු ලා සිර කරපු

ප්‍රේමයෙන් බිඳී ගිය

හැඟුම් පොදියේ තැනක

ඉඟියකින් ස්පර්ශ

කරපු ඒ ඇසිල්ලට

සුවපත්ව ගිය අයුර

සදාකාලික වැනිය

දෙඅත් පටලා ගනිපු

ඇඟිලි තුඩු කලබල ය

දෙනෙත් හරඹය නුඹගෙ 

හද පුරා විනිවිද ය

හෙටත් මට අභිමුඛව

දකින්නට හැකිවෙයි ද

සිඹින්නට බැරි නුඹගෙ

නා දල්ල වැනි දොතොල