Thursday 19 May 2022

සොඳුරු අප්සරා

හද කොහේ හරි තැනක නිදනවා ඇති
නුඹ කොහේ හරි තැනක හිඳිනවා ඇති
අපි අපේ ගැන හිතෙන් හිතනවා ඇති
මතු මගේ හද නුඹම පතනවා ඇති

ලං වෙන්න දෙහද හෙමි හෙමින් ඉකි ගසා
පෙම් කරන හැටි ලඟින් හිඳ හෙමින් දොඩා
මියුරු පෙම් වදන් තුල වෑහෙමින් නුරා
නුඹයි මගෙ හද අරණෙ සොඳුරු අප්සරා

රනින් කල රුවක් මෙන් මගේ හද මැදුරෙ
වෙලා මහ රැජිණි සෙමින් ඉඟි මැරුවෙ
ටිකක් ඇහුනොත් මගේ ප්‍රේමයේ සද්දෙ
මටත් රජ වෙන්න හැකි ඔබගෙ හද මැදුරෙ

Friday 6 May 2022

අන්සතුයි ...!

මගේ හිත පතුලේම
වලදාපු නුඹේ රුව
ඇගෙ එක සිනාවක්
මතක් කල අපූරුව
බස් එකේ ජනේලෙන්
නොපෙනෙනා ඉමක් වෙත
ඉගිල්ලුන නුඹේ සිත
මුවේ එක සිනාවක්
වතේ ලොකු කතාවක්
ඉතිරි කර ගිහිල්ලා
මහ සෙනඟ අස්සේ
විටින් විට දුටුව හැටි
මගෙ හිතේ මතකයෙන්
තවම නෑ මැකීලා
ප්‍රේමයෙන් බැඳෙන්නට
පින් තිබුනෙ මගෙ හිතට
විතරමයි නුඹේ ලඟ
ගොලුයි මම අදටත්
ඇගේ ලඟ උනත් මට
දැනෙන්නේ නුඹ ලඟදි
දැනුන ඒ විදියමයි
කුමක් කරනිම් ද මම
ඇයත් නුඹ වාගෙමයි
වෙනසකට ඇත්තේ
මමත් නුඹ වාගෙමයි
.......
අන්සතුයි... !