Thursday 20 September 2018

ඇය

රත් පැහැ දෙතොල් නිල් වරලස වසන කොට
සිහිනිඟ පුලුණුකුල නටවා දුවන කොට
වටකුරු මුහුණ දිගැස් වලින් බලන කොට
වටකොට පවුරු මොකටද හිත බැඳෙන කොට

රන්කඳ කියා ඇගෙ හිත ළඟ මුමුණන්න
පින්කඳ නුඹයි මගෙ හිත මතු සනසන්න
ඉන්නද කියා ඔබෙ නලලත සිපගන්න
ඇයි අද පමා මගෙ හදවත පවසන්න

හොරැහින් එබී බැලුවම ඇගෙ සවන් යුග
පැටලී තිබුනෙ තවෙකෙකුගේ වදන් වල
වස්තුව කියා ඔහු අමතන නුවන් යුග
දුටුවම බිඳුණෙ මගෙ හදවත උපන් පෙම

4 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට
      මගේ අනිත් බ්ලොග් අඩෙවිත් බලන්න.
      ඔබේ ලිපි බලන්නම්
      ජය

      Delete
  2. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ කැමති නම් අගෙයි එකතු වෙන්නම්.

      Delete