Monday 25 February 2013

එදා මෙදා තුර.......!

දන්නවා නම් නුඹේ ගැන මම
කවි ලිව්ව හැටි දුකම විඳගෙන
යලි එනව නුඹ මගේ ගාවට
හඬා වැටෙමින් යලි නොයන්නට

අද වගේ එක පුංචි දවසක
මගේ පෙම ගැන වැරදි අරගෙන
කිව්ව දේවල් ලඟම ඉඳගෙන
වෙන්කලා අප දෙන්න දෙපසට

නුඹම පොඩි පොඩි වචන අරගෙන
වැරදි දේවල් එකතු කරගෙන
කිව්ව පොඩි පොඩි කරුණු එක දෙක
මැව්ව මට රූපයක් ලොකුවට

නැද්ද නුඹගේ හදවතේ යට
ආදරේ බිංදුවක් වත් මට
හිතුනේ නෑ ඒ වෙලාවෙත් මට
කුමට නුඹ හට ආලෙ කෙරුවද

යන්න ගියදා මගෙන් ඈතට
කඳුළු බිඳු ඇස කොණක එක දෙක
දඟ කරල උන් බිමට වැටුනට
හැඬුවෙ නෑ මම සිතා නුඹ ගැන

දකින විට මම පෙම්වතුන් මහමඟ
හිතෙනවා යලි පෙම් කරන්නට
දකිනවිට යම් කෙනෙකු හිත යන
මැවෙනවා මට ඔබේ හැඩරුව

මතකෙ පිරුණම ඒ අතීතය
වරද පෙම්කල කඳුළු දුන්මට
හරවෙනව මගෙ දෑස වෙනතක
එපා ප්‍රේමය යලිත් දිවියට...

Saturday 23 February 2013

මේ නිසාමද?

මගෙ පණ ගියා නුඹ දුටුදා ඇත්තටම
හිත කිව්වා දැන්ම ගිහින් අහන්නට
මොලෙ නැතුවට මම කල ඒ ගොන් කමට
තාම විඳවනව නුඹ ගිය දා සිටම

ලව් කල කාලේ හිත කිව්වා ගොඩ කියලා
දැන් නම් කියනවා නුඹ බේරුණ කියල
මොනව කියනවද මගේ මේ හිත කියලා
තේරුණ කලට මම කොහෙ ඉඳිවිද මන්දා

මඟුලක් කන්න සතයක් මට නැති හින්දා
පැනලා යන්න රස්සාවක් නැති හින්දා
රවටා යන්න දෙමාපියන් බැරි හින්දා
නුඹ හැර ගියා මා මෙහි තනි කර රන්දා

ඇත්ත තෙරුණා මොලයට ටක්කෙටම
පටන් ගත්ත දා මම එය භාවිතය
අත්දුටු දිනෙකදී මේ වැනි සිදුවීම
සැමටම දැනෙයි මම කල දේ හරි නේද

:P

වර පෙරට.....!

තමන්ගේ ගෙදර පොඩි දේ නැති වුනාමත්
අහල ගම් හතේ පොලීසි පුරාමත්
දුවන ගමන් රට වට ඔක්කෝටමත්
අඬ අරිනව කල එකාගෙ ජාතකයත්

මව් හා සමයි අපගේ මේ රට නේද
නැත්දෝ තොපිට වෙනදේ දැනුනේ තවම
යකෝ කෙලින්නයි සුදානම තොපිට
දුවපිය බේරගන්නට මව් බිම අදම

පොඩි දේ ගැන තොපි කෑ ගැහු හැටියෙන්ම
දැන් තෝ තොපේ ඒ කටවල් වැහිලාද
ප්‍රසිද්ධියේ රට දූශණ කරනකොට
දැන් අඬඇරපියව් ලෝකෙට ඇහෙන්නට

අහක ගියපු නයි රෙද්දේ දමාගෙන
ලොකු කල නේද තොපි පව් යැයි කියාගෙන
දැන්වත් තේරුණා නම් කල විපතේ තරම
අවිගෙන පෙරට වර රට බේරාගන්න

Thursday 21 February 2013

බිඳුනු සිතින්.......!



නුඹේ සිත තුල තාම
මම ඉන්නවා නොවෙද
ඇත්ත එය වුනත් නුඹ
බයවුනා අමතන්න
කෙලෙස නුඹ සිතුවාද
වෛර කරනා බවම
නුඹ සිතට පෙම් බැන්ද
මගේ ඒ හදවතම
එහෙත් සත්තකයි අද
කුඩුවෙලා මගේ සිත
කෑලි විසිරී ගොස්ය
ගතවේවි දිගුකලක්
හදාගන්නට මෙමට
නමුත් මට තවම බැහැ
කියනු එය සත්තකට

මටම බෑ.....!

නුඹෙ කටහඬ ඇසෙන මොහොතෙම
සිහිවෙනව මට මගෙ අතීතය
මතකයිද අපි කතා කෙරුවා
පුංචි දේවල් බොහෙම රසකර
ඇත්තමයි නුඹ යන්න ගියදා
ගොඩක් හැඬුවා මගේ හදවත
කුමන වරදද කලේ මම අද
මගේ හදවත මගෙන් ඇසුවා
අද දවස මට කාලයක් නැත
ආදරේ ගැන සිතා ගන්නට
නුඹෙ වරදද දන්නේ නැත මම
නමුත් එය සිදුවෙලා අහවර
කවුරුන්ම හරි ඇති සිතාගෙන
මගේ ගැන පොඩි ආල සිතුවිලි
එහෙත් ඇය නම් පමා වැඩිවිය
මම මටම නෑ අයිති අද දින
කවුරුවත් නැති වුනත් සිතතුල
මගේ සිත නම් පිරී අවසන
ඇත්තෙ යන එන දේය රට වට
මටමවත් බෑ ආයෙ ගන්නට


Tuesday 19 February 2013

ඉතිරි මතකයෙන්....

මගේ කවි වල සිරවෙලා නුඹ
දන්නේ නෑ කියවන සැමා
ලස්සනයි කියමින් විඳින මුත්
දුකක් ඇත මෙහි ගැබ්වෙලා

කවිය පමණයි ඉතිරි මා හට
නුඹත් නැහැ දැන් ලංවෙලා
ඇත්ත නුඹ ලඟ සිටිය කාලේ
සතුට තිබුණා බෝවෙලා

කවිත් එක්කම පරවෙලා ගිය
නුඹේ මතකය සිහිවෙලා
හැඬුම් එනවා කොලය වැහිලා
කඳුළු පිටුවට බරවෙලා

මගේ කවි වල නුඹේ ගැන ඇති
බලපු කාලෙක නුඹ දනී
මම නොවෙයි නුඹ හැරගියේ
සිහිවේවි මතකෙට නුඹේ


එවන් කාලෙක කඳුළු වැටුනම
පව් පිරෙනවා මට යලි යලි
එහෙත් යලි අප එක් නොවන බව
ලොවම දන්නා රහසකි

අපි එකල අත්වැල් බැඳන් ගිය
තැන් වලින් අපි ආයෙමත්
යනව එනවා මතක් වෙනවා
කරපු කී දේ හිනැහෙමින්

පිටුව ඉවරයි කවිය සිරවෙයි
අපේ මතකයි රැව්දෙමින්
වෙන දෙයක් ගැන හිතනු බෑ මට
කඳුළු එනවා ඇස් අගින්

පණ පෙව්ව නුඹ....

මගේ කවි වලට නුඹ
පණ පෙව්ව ඇත්තමයි
මේ ලියන 'මගේ කවි'
සත්තකින් නුඹටමයි..!

එදා අපි පෙම්බැන්ද
කාලෙ කල කී දෙයින්
අද මගේ මතකයට
නැඟෙන දේ විතරමයි...

කඳුළු කැට අතරිනුත්
පෙනෙන පොඩි පිටු අතර
අමුනාපු වචන ටික
කවි වෙනව නිතැතින්ම...

ඒ කිලෙ නුඹ කිව්ව
පෙම් වදන් සිහිවෙද්දි
කඳුළු එනවා නෙතට
නවතන්න බැහැ මෙමට...

ඈත දුර ආකාසෙ
තරු අතර සැඟවෙච්චි
ඔයා එනකන් තාම
මම හිඳිනවා තනිව..

ඇස් අගිස් රිදෙනවා
සඳ නොමැති දා අහසේ
එලිය දුන් මගේ පුංචි
තරු කැටය සොයද්දිම...

යන්නටම ගිහින් නුඹ
යලිත් මට නොපෙනීම
අමාවක තමයි මට
දැන් ඉතින් හැමදාම...

කවි ලියන මතකයේ
තව ඇත්තේ පොඩ්ඩමයි
ඒ මතක මේ ලෙසට
පිටු පුරා ලිව්ව මං.....

ආදරේ ගැන ඔබට
කියන්නට හිටි කවිය
පණ පොවන්නට කලින්
නුඹ ගිහින් මම දාල....!

සමබරයි...


Sunday 17 February 2013

අද නෑ..

එදා නුඹ ලඟ ඉද්දි
මගේ පෙම සිහිවෙද්දි
කඳුළු ගැන කියවෙච්චි
වදන් තිබුනා

අද මෙහෙම දුර ඉද්දි
මගේ පෙම සිහිවෙද්දි
කඳුළු ගැන කියවෙන්න
වදන් නැතුවා


ප්‍රමාදයි නුඹ...

ආදරෙයි කියල නුඹ
කලින් කිව්වනම් මට
අද නුඹත් එක්ක නොව
දුරක නොගිහින්ම මම

ආදරේ කියද්දිම
ඔබේ නොව මම කියා
දුර යන්න වෙර දැරුව
අමතකද එදා නුඹ

අද මාව නැතිවෙලා
දුර ඈත ගියාමද
දැනෙන්නේ මගෙ අඩුව
නු‍ඹේ සිත පුරාවට

එදා මම දකිද්දිම
තිබුන ඒ හසරැල්ල
අද මාව දකිද්දී
කොහේ සැඟවී ගොස්ද?

ඔබත් නැතිදා....


ඇස දුටුවට ඔබෙ ලස්සන
සිත පැතුවට ඔබෙ ආලය
කණ නොඅසපු ඔබෙ කටහඬ
අද ඇයි මේ දුර ඈතක

දුර සිට ඔබෙ දෙස බැලුවට
වතගොත ගැන නොදත්තාට
අන්සතු බව නොදැනම මම
සමාවෙන්න පෙම් කලාට

එදා තිබුණු මුව මඳහස
නැත අද මා දකිනා විට
වරද මගේ හැඟෙනා විට
කඳුළු පිරෙනවා දෙනෙතට

තනි වුනාම....


සඳ තවමත් අහස නුඹේ සිසිල සොයනවා
අමාවකය කියලා මුළු ලොවම දන්නවා
මමත් නුඹේ ගැන පමණක් තවම සිතනවා
නුඹ යලි නොඑනා බව මට සැවොම කියනවා
අහසේ තරු මා දිහාම බලන් ඉන්නවා
නුඹ පමණක් යලි නොඑන්න ඈතට යනවා
නුඹ දකින්න මගේ දෑස පෙරුම් පුරනවා
තරු විතරයි නුඹ දකින්නෙ මම තනිවෙනවා

රට ගැන හිතුවම....


වරකට එකයි බෙහෙත් නියම කර ඇත්තේ
වරකට එකයි කෙල්ලක් වුව කල යුත්තේ
වරකට එකයි කසාදයත් බැඳ යුත්තේ
එහෙත් ලමයි හදපල්ලා හෙල යකුනේ....

අද හෙට එනව අපේ රටේ වැනසීම
මෙන දේ කලත් තොප සම හෙළයන් නේද
වෙන්නට නොදී විනාසයක් අද හෙටම
බුදු දහමයි හෙළයයි රැක ගතයුතුය

ජේ.ආර්. කිව්ව රත්තරන්ලු පොඩි පවුල
අහල අපිත් හැදුවා එක ලමයෙක්ව
යකෝ තම්බි ගහනව පැටවුන් රොත්ත
හෙන ගැහිලද හෙලයන්ගේ කොළු හැත්ත

යකෝ හදපියව් හැකිනම් හෙලයන්ව
නගා සිටුවන්න හෙලයන්ගේ රටම
මේක අපේ රට කියමින් කෑ ගැස්ම
මදි නැත්තම් කලෙ නැත්තම් කිරියාව