Sunday 15 December 2013

විභාගය අත ලඟ

 
සතියක් දෙකක් තියමින් අපෙ විභාගය
විශයක් දෙකක් ඇණ වෙනවා සත්තකය
කරුමෙක මහත මම අවසන් වසරේය
ඇණයක් තිබුනොතින් බඩගා ආ යුතුය

රිසාල්ට් දකිනවා සිහිනෙන් බයවෙනවා
ජොබ් එක දකිනවා නිතරම බොඳ වෙනවා
ඇස් දෙක රිදෙනවා පොත් පිටු දියවෙනවා
මව් සිහිවෙලා නෙතු කඳුලින් බර වෙනවා

කාලසටහනේ  හැමතැන නෙතු යනවා
සබ්ජෙක්ට් දකිනවා පාඩම සිහිවෙනවා
කළුවර වැටෙනවා මට අමතක වෙනවා
නිදිමත නිසා මම ආයෙත් නිදියනවා

කවුරුත් බයවෙලා පාඩම් කරන කොට
මගෙ හිත බයයි වගකීමක් තියෙන කොට
අවසන් කියා මගෙ හිත මම හදන කොට
ලෙක්චරයාට වඳිනෙමි අත් එකට කොට

Thursday 21 November 2013

නුඹට කැමති මම

මන්දහාස පාන නුඹේ නීල නයන දැක
කෙහෙරැල්ලක් දඟ කරමින් වදදෙන අන්දම
රෝස දෙකම්මුල් පිසිනා දෑඟිලි හින්දම
දැකගත්තා නුඹේ මුහුණෙ ඇති රූ සෝ බව

නුඹේ ගතේ දැවටී එන සිහිල් සුලං විඳ
නුඹ යනෙනා ලැසි ගමනේ හැඩවැඩ හින්දම
රඟදෙන නුඹෙ කෙස් කලඹේ තාලයටම මම
හිරිවැටුනා මගෙ හදවත නුඹෙ හින්දා අද

පන්සල පාමුල වැලි මළුවේ ඉන්නා විට
සඳ එලියේ දිලිසෙන නුඹෙ පිරිපුන් වත දැක
සිරවුන ඒ ආදර සිතිවිලි මා හද තුල
දිග හැරුනා කවි කරමින් නුඹෙ කන්පෙති ලඟ


ගීතයක් ලෙසින් දිගහරින්නට කැමතියි මේ පද පෙල. හැකියාවක් තිබේ නම් කෙනෙනෙකුට උදව්වක් දෙනවද?

Thursday 7 November 2013

නුඹට ලියන මගේ කවි....(9)

මගේ සිතුවිලි නුඹේ ලඟ ඇත
නුඹේ සිතුවම දෙස බලා
හිතේ පුරවට නුඹේ රුව ඇත
දෑස පියවෙන තුරු බලා

රජෙක් නම් නෙව බිසව වෙනවද
හුදෙක් ආදරයක් නිසා
විටක් මා ලඟ තුරුළු වෙනවද
මටම ආදර හිත නිසා


Wednesday 6 November 2013

නුඹට ලියන මගේ කවි.... (8)

ලිව්ව කවියෙ පද තුනකට මුවා වෙලා මං
සද්ද නැතුව බලන් ඉන්නෙ මගෙ සඳ එනකං
ලොවේ කොතෙක් අය ඇවිදින් හිත දුන්නත් බං
මගේ සඳෙන් සිසිල දෙන්නේ මට විතරයි බං

නුඹට ලියන මගේ කවි......(7)

මගේ තනියට නුඹේ හද ඇත
සඳේ එය මම දන්නවා
මගේ හද ලඟ නුඹේ රුව ඇත
සිතේ කවි එය දන්නවා
මගේ කවි වල නුඹේ ගැන ඇත
ලොවේ කවුරුත් දන්නවා
මගේ ලොව තුල නුඹේ පෙම ඇත
අපේ ගැන අපි දන්නවා

Sunday 3 November 2013

නුඹට ලියන මගේ කවි....(6)

කවියක් හිතේ තෙරපෙනවා නුඹ නමින්
හිටියොත් අහන්නට වෙනවා මගෙ කටින්
බැලුවොත් නුඹේ ඒ කියමන හරි කමින්
වඩිමු අපේ ලෝකෙට අපි සිහිනයෙන්

නුඹට ලියන මගේ කවි.....(5)

ලියන ලියන හැම කවියම නුඹ වෙනුවෙන් වුනාවේ
සිතන සිතන හැම පැතුමම නුඹ වෙන්වෙන් වුනාවේ
තබන තබන හැම පියවර නුඹ සමඟින් වුනාවේ
ලබන ලබන හැම භවයෙම නුඹ මගෙ සඳ වුනාවේ
 කවි ලියන හිත ගාව නුඹ ඉන්නවා නම්
හිත දකින හීන වල නුඹ ඉන්නවා නම්
පෙම් කරන මා ගාව නුඹ ඉන්නවා නම්
හැමදාම නුඹව මම පණසේ රකින් නම්

Saturday 2 November 2013

නුඹට ලියන මගේ කවි.... (4)

නුඹ සැඟවුනා මගෙ සිතිවිලි පිටි පස්සේ
මම සොයනවා නුඹ  කොයිදැයි හිත අස්සේ
කාටත් හොරෙන් අපි ආදර මදු වැස්සේ
තෙමෙමින් විඳිනවා පෙම් සුව හිත ගැස්සේ



නුඹට ලියන මගේ කවි.... (3)

මගේ ලොකෙට එලිය වුන සඳ
ලියනු බැහැ කවි නුඹ නමින්
ආදරෙයි මම සදාකාලෙට
සමුදෙනා තුරු ජීවිතෙන්

නිහඬ බැල්මට දිගැස් කෙලවර
පිරුණු කොපුලේ රත් බවත්
නැඟුනු මදහස පලල් නලලත
සිඹිමි මා රළු තොල් අගින්



නුඹට ලියන මගේ කවි ....(2)

ආදරෙයි මම කියපු නුඹටම
ලංවෙලා අතිනත් අරන් අද
ජීවිතේ මල් මාවතේ දුර
ඇවිද යනවා මුමුණමින් අප

නුඹට ලියන මගේ කවි....(1)

කාලෙකින් නුඹ ගැනත් ලියැවුන
කවි පෙලක් ඇත මගෙ අතේ
හිතුන මට පල කර බලන්නට
තාම ඇත හිස්තැන් කොලේ

ජීවිතේ බොහො දුරක් යන්නට
පතාගෙන අපි ලංවුනා
ආදරේ පිටු දෙකක් පුරවනු
තාමනම් මට බැරිවුනා

සිතට නුඹගේ දන්නවා මම
ලංවුනේ නොදැකම රුවින්
ආදරේ මම කලේ නුඹටම
තෙරුණේ නුඹෙ ආදරෙන්

දුරස් වන්නට නොහැකි විදිහට
ලංවුනේ අපි හිත් වලින්
මතුව දිනයක මගේ වනවා
සත්තකයි බිරිඳක් ලෙසින්

Friday 11 October 2013

නුඹ එනතුරු.....

කුල්මත් කරයි මා සිත නුඹ දැක්කාම
වල්මත් කරයි වටපිට සිටි කොලු රෑන
සිත්ගත් ලඳක් ඉන්නව මගෙ සිත ගාව
යන්නත් අවසරයි නුඹෙ රුව නොබලාම

කටකාර නුඹෙ ලඟින් ඉන්නට තවත් අවසර දෙනවද
හැඩකාර නුඹෙ ලඟින් ඉන්නම් සදා පෙම්බර වෙනවද
කරකාර බන්දාල ගෙනයමි යන්න මා හා එනවද
වෙමි බාර නුඹ මගේ වෙන්නට දෙවොල වඳිනට එනවද

රල ගැටෙන හඬ ඇසෙන මානේ නුඹේ රුව මා සොයද්දි
කිසි දාක මා නුදුටු නුඹෙ රුව ඇස ගැටේවී සිතද්දී
යලි යලිත් මා සිතට ඇවිදින් දඟ කරන මා සිතැත්තී
සිය දන අතරින් දකින මා පෙම්බරී මා රුවැත්තී

Wednesday 9 October 2013

සිපිරි ගෙයක සිට......

හිර කූඩුවක හතලිස් එක් දෙනෙක් අපි
රඳවා සිටියෙ පෙරලිය කල නිසා අපි
කරුමෙක මහත හැඳ සිටි වස්ත්‍රයෙන් අපි
වැතිරී සිටිමු නිදහස් වන තුරා අපි

ගාම්භීර අපෙ ජේලර් මහත්තයා
දිනකට කිහිපවර ඇවිදින් බලල ගියා
දවසක් ගෙවන පැය කීයද නොදත් නිසා
කළුවර වැටෙන තුරු පැය අප ගනන් කලා

අම්මේ ඇවිත් ඔබ බැළුවම මගේ දිහා
හිතට දුකයි මම ඉන්නේ හිරේ නිසා
කන්නේ බොන්නෙ හිරබත විතරක්ම නිසා
උණු බත මතක් වෙනවා නෑ උදේ උයා

ලඳුනේ නු‍ඹේ අවිහිංසක දෑස දිහා
කොහොම බලන්නද නිදි නෑ හිතන නිසා
අස පියවෙන මොහොතේ නුඹ ලඟට වෙලා
මම ඉන්නවා සිතෙ  නුඹ ඉන්නාවු නිසා



Wednesday 25 September 2013

සොඳුරු මතකයන් නුඹ ගැන.......

වැව් ඉවුර දිගේ නුඹ
ඇවිදන් යන අන්දම
දුර තියාන බලන් ඉන්න
බව දන්නව නුඹ යලි හොරැහින් බැලුවට

සුදු පිරුවට ඇඳගෙන
පෝ දාට පන්සලට
නුඹ යන හැටි මට මතක්වෙනව
තෙල්මල් අරගෙන ලැසි ගමන් ලතාවට

නුඹ නීල නයන ලඟ
හිත හීන මවාගෙන
බොරු තරහක් ගෙන මවාපාන
ආදර බැල්මට මම ආලෙන් බැඳුනට

මතු දවසක මම නුඹ
කාරකාර බඳින්නට
හත්දවසක් මඟුල් කන්න
ගමට ඇසෙන්නට නුඹ කැන්දන් යන්නට

Thursday 12 September 2013

අප්පච්චී



උදේ ඉඳලම...
මහන්සි වෙලා...
වැඩකරල...
දවසටම...
වතාවක් දෙවතාවක් දකින..
හීන ගොන්නක් පොදි බැඳන්...
දුර හිතල වැඩකරන...
ඒත්,
හැමදාමත්...
වෙහෙස අමතක කරලා...
මාව තුරුළු කරන් හුරතල් කරපු..
ජීවිතේ ගැන කියල දුන්න...
අප්පච්චී...
කවදා හරි දවසක...
මුළු ලෝකෙම දිනල...
මම ආයෙත් එනවා...
තුරුලු වෙලා...
හුරතල් වෙන්න..
මගේම අප්පච්චි එක්ක...

හැඟුම් පිරි හදකින්.....

රඟදෙන නුඹෙ කෙහෙරැලි
ලැබදෙන නුඹෙ මදහසේ
හිනැහෙන නුඹෙ ඇස් දෙකේ
මියැදෙමි මම මියුලැසී

මුමුනන පෙම්බර වදන්
ගිලිහෙන විට තද කරන්
උන්නට නුඹ හිර කරන්
සත්තයි නුඹ පෙම් බැඳන්

අවසර නැති හින්දම
දුර ඉන්නෙමි හිඳගෙන
දවසක ලඟ ඉන්නට
ගන්නෙමි කරකාරෙට

යන්නට නුඹ හැරුනට
මම කීදේ අහගෙන
පියවර දෙක තුනකට
පසු හැරෙනවා මාවෙත

හිරකල නුඹෙ පෙම්බර
හද සිතුවිලි පාකර
එනවා යලි මතුකර
කඳුලැලි නුඹෙ ඇස්වල

ලස්සන පොඩි ලෝකෙක
අපි තනිවීලා ඇත
හැඟෙනව නුඹ මාවෙත
එනු ඇත යලි දිවගෙන

අමතක කර ලොව දන
ඉන්නා ලොව නෙක තැන
නුඹ එනවා තුරුලට
මා සිප වැලඳාගෙන


@ සිහින දකිමින්..... :P

Wednesday 11 September 2013

නුඹ දැක.....

බුකියේ කෙලවරක ඉඳගෙන රෑට නොකා
පුටුවේ යටින් විදිනා මදුරුවන් මරා
සිතඟේ ඇඳුනු රූ දහරා මතක් වෙලා
ලියැවෙන කවිය කියවා නුඹ ලයික් කලා

පිටුවට ලියන කවි පද නෙක ගලපමින
වරදින තැන් ඇත කවි නීතිය ලියන
හිතනා නිසා අදහස බෙදලා දෙන්න
ලියනව කවිය බුකියේ පිටුවේ මෙන්න

රන්වන් පාට දිලෙනා කෙස් වැටිය දැක
නිල්වන් නුවන් ගස්සා හැරෙනවා දැක
පිරිපුන් ලමැද රියසක වැනි උකුල දැක
වල්මත් වෙලා වාගෙයි නුඹෙ ගමන දැක

කන්නයි බොන්න කරනා දේ මතක නැතී
යන්නයි එන්න නුඹ සිටිනා තැන කැමතී
ඉන්නයි වෙන්න නුඹගේ තුරුලටම එතී
සත්තයි මෙන්න නුඹ ගැන ආදරය සිතී

Tuesday 10 September 2013

අවසරද මට?

මගෙ සිතේ නුඹ නමට
ලියැවෙච්චි පෙම් කවිය
ලියන්නට අවසරද
සඳේ නුඹෙ හද ලඟම

නුඹේ නෙතු පවසද්දි
මගේ ලඟ නුඹ ඉද්දි
හිතේ මම රජ වෙද්දි
ආදරේ පිරවෙද්දි

අමතකව නොයන්නට
නුඹෙ ලඟම හිඳින්නට
අවසරද රජ වෙන්න
අග රැජින නුඹ වෙන්න

Thursday 5 September 2013

පද නැවතුන තැන

ආදරේ ගැන ලියපු කවි වල තාම ඇත මම තනිවෙලා
ජීවිතේ ගැන ලියන කවියට තාම පද නැහැ ගැලපිලා
මායිමේ ඉඳ බලන නුඹ ගැන ලියන්නට මට සිත්වෙලා
ඒත් එය බෑ තාම තනියෙන් හිඳිමි පද දෙක නැවතිලා

Saturday 31 August 2013

මගේ හදවත

නුඹට නොපෙනෙන මගේ හදවත පාරේ කෙලවර තිබුන වැටිලා
මටම එය අද අවැසි මොහොතෙම සෙව්ව හැමතැන කොහිද කියලා
නන්නඳුන ඇය හඳුනගෙන එය ගැහෙන හැටියෙන් මගේ කියලා
දොරකඩින් එය ගෙනැත් තියලා වැලි එහෙම තිබු හොඳින් පිහලා

නන්නඳුන ඇය යන්න යද්දී මිදුලෙ තිබු කවි පිටුව දැකලා
ආදරේ ගැන ලියපු පදවැල හිතේ කෙලවර තදින් බැඳිලා
නොපෙනෙන්ට එය මටම පිටුපා හොරෙක් විලසින් ඇහිඳ ගසලා
යන්න යනවා හිතින් හිනැහී සත්තකයි මා දෙසම බලලා

Thursday 22 August 2013

තවත් ඉන්නට.....

හිතේ පැත්තේ මගේ නැත්තේ
ආදරේ කළු වලාවක්
ගෙවී යන්නේ නෑ වහින්නේ
ආදරේ නියඟය ඇවිත්
සොයා බැලුවා අඬා වැටුනා
ලැබුනෙ නෑ එක දිය බිඳක්
වෙහෙස දැනුනා තිබහ නිවුනා
මලත් යන්නෑ දිය සොයන්
හිතත් හැදුනා වැඩත් යෙදුනා
කාලයක් දැන් නැහැ තවත්
රජෙක් උන්නැ රැජිනියක් නැහැ
දිනෙක පවසයි ලොව දනන්

සඳේ හාවා කෝ.....

පුරා හඳ යට බලා හිඳි මම
සඳේ එලියට පෙම් කලා
වලාකුලකට වැසුනු ඒ සඳ
මිලානව සැඟවී ගියා
දෑස දිගුකර සොයා බැලුවා
සඳේ සාවා කොයි කියා
එදා හිටියා අද හැංගිලා
ඇයිද ඌ මට බයවෙලා
යොදුන් ගනනක දුර ඉඳන්
සඳ සිසිල මා වෙත පා කලා
සස මිතුර නුඹ හිස දමාවත්
කියා පලයන් ඉන්නවා

Monday 19 August 2013

සීගිරි කස්සපයානනි....!

විජ්ජුලතා..... විජ්ජුලතා........
කසුප් රජුන්ගේ සිත ඇද බැඳගත්
අමතක කරනට බැරිව ලැගුම්ගත්
පවුරේ කෙලවර සිත්තම් වූ.......
පවුරේ කෙලවර සිත්තම් වූ.......

මැවෙනා හද රූ සිත්තම් කැටිකර
නැගෙනා සිතුවිලි පදවැල් ගොනුකර
කසුප් රජුන් කරවූ පවුරේ.....
කසුප් රජුන් කරවූ පවුරේ......
විජ්ජුලතාවනි.... විජ්ජුලතාවනි....


වත පුරවා සිනහව කැටිකරගෙන
සිත පුරවා රති හැඟුමන් මත්කල
නෙතු දුටු ඒ නුඹෙ ද්විත්ව පයෝධර
කසුප් රජුන් සිර කෙරුවා නුඹ ලඟ
කසුප් රජුන් සිර කෙරුවා නුඹ ලඟ
විජ්ජුලතාවනි...... විජ්ජුලතාවනි.....




 

Sunday 18 August 2013

තනි වෙච්චි හිතකින්................

නුඹ පාව ගියදාට මගෙ ඇස් අගින්
මම ඉන්නවා නුඹගේ ගිය දෙස බලන්
ඇස් අගට පිරවෙච්ච කඳුලක බරින්
පියැවේවි ඇසි පියන නොදැනී හෙමින්

තරු වලට නොදැනෙන්න සඳු හා හොරෙන්
මිහිකතට නොදැනෙන්න ඇවිදන් ගිහින්
සුලඟකට නොඇසෙන්න මුමුණා සෙමින්
ආදරය කීවේ ලෝකෙට හොරෙන්

දුර යන්න ගියදාම හැරදා සිතින්
හැඬුවාම තනිවෙච්ච කඳුලක බරින්
නුඹ ගාව හිනැහෙන්න බැරිනම් ඉතින්
අවසරද මට යන්න හිනැහී නුඹෙන්

වෙන්වෙන්න හිතුවාම මම හැඬු තරම්
නුඹ දන්නේ නෑ මාගෙ හිත හැදු තරම්
කියවාපු ලියැවෙච්චි මතකය තරම්
මට තාම නෑ වෙන දෙයක් ඉස්තරම්

Tuesday 13 August 2013

නුඹටම.........

නුඹේ සියුමැලි දෙතොල් අතරේ
තුරුළු වී සැනහෙන්නට
දෑත දිගුකොට ඇඟිලි පටලා
මල් මාවතේ ඇවිද යන්නට
තරු එළිය යට සඳට නොකියා
මගේ සඳ හා ලඟින් ඉන්නට
නුඹේ හිස මා උරහිසට කර
හෙමි හෙමින් තනු මුමුණන්නට
දිනක මතකය අළුත් කරනට
ලැබෙනු ඇත ඔබ ලඟින් ඉන්නට
සදහටම මගෙ ආදරේ ලඟ
නුඹම විතරක් මගෙම සඳ....

Tuesday 30 July 2013

සොඳුරු ලෙසින් වුනේ මේක....!


අනේ අපොයි මගේ ලඟට කවුරුත් නෑ තනි රකින්න‍
හිත ලඟින්ම ඉඳන් හිටපු ඇයත් ගියා දුර ඈතට
බොරු කියලා රිදෙව්වාට බැහැ මගෙ හිත හදාගන්න
නුඹ ලඟින්ම ඉඳන් ඉන්න ඉඩදෙනවද හැමදාටම

කවිකාරියෙ නුඹේ හිතට කවි සිතුවිලි නොදුන්නාට
මගෙ හිත පතුලේ උපන්න කවි තිබුනා පොත් පිරෙන්න
සඳ එලියේ ඉඳගෙන මම කවි දහසක් නොකිව්වාට
ඇත්තයි හදවත පුරාම ආදරෙ තිබුනා පිරෙන්න

පැය ගානක් දොඩමළු වී දෙසවන් පුරවා තියන්න
සොඳුරු වදන් වලින් නුඹව රවටා මුසපත් කරන්න
නුඹෙ සිත දුක් වේය කියා වැරදි නුදුටු සේ හිඳින්න
කවදාවත් නොකලේ මම අනාගතය හැඩ කරන්න

Wednesday 24 July 2013

ඉඟි පාන නුඹ ලඟට.....

මට දුක මම නුඹ හට පෙම් කල හන්දා
නුඹ අද මට බොහො දුරකින් ඇති හන්දා
නෙතු නුඹ මට ඉඟියෙන් කී දේ හන්දා
අදටත් හිතෙනව නුඹ මට පෙම් බැන්දා

ඉඟි බිඟියන් මගෙ සිත ඇද බැඳ ගන්නා
ඔබෙ සුදුමුදු දෙකොපුල විත් සිප ගන්නා
රතු දෙතොලේ උනුසුම මට සුව දෙවනා
මගෙ කවියට නුඹ ඇවිදින් පණ දුන්නා

දිගු වරලස කෙටි කර බැඳ තබාගෙන
ලැම වසමින් අත්පොඩි බැඳ තබාගෙන
අඩවන් නෙතු කෙලවර මා තියාගෙන
නුඹ ඇයි තව බොරු තරහක් මවාගෙන

කිති කැවෙනා හිත ඉඟිබිඟි පානකොට
නෙතු පොවනා මානේ නුඹ ඉන්නකොට
නුඹ යනෙනා සුවඳත් මට දැනෙන කොට
කෙලෙස ඉන්නෙ නුඹ මතකේ ඉන්නකොට

Thursday 18 July 2013

දක්නා නුඹ ගැස්සූ හද...

නෙත හසරැල් ඇත දසතේ විහිදෙනා
සොඳ සුසුමන් මද පවනේ විසිරෙනා
නිල් වරලින් යන ගමනින් හැඩවෙනා
පුළුලුකුලින් මගෙ හදවත ඉපිලෙනා

කරලින් බැඳි වරලස හැඩ වී ගෙතුනේ
වදනින් මියුරු සත්සරයක් මට ඇසුනේ
නෙතඟේ ඉඟිය සැර අකුණක් වැන්නේ
ඇයිදෝ ලඳේ මට පිටුපා නුඹ යන්නේ


Tuesday 16 July 2013

බුකියට ලියැවුන කවි 01

මූණු පොතේ ස්ටේටස් එකක් තිබ්බා මෙන්න මෙහෙම

"
කෙල්ලෙක් වුනාම , පාටට සුදට හැඩේට ඉන්නෝනි.නැතිනම් කෙල්ලෙක් වෙලා පලක් නෑ.......ඒක හරිම වැදගත්."

මට එවෙලේ ඒකට ලියැවුන කවියක්.. අනේ මන්දා පද කොහෝම ගැලපුනාද කියලා.


ලස්සන පාට නැතුවත් පිට ඔපේ     තිට

අල්ලාගන්න දති නම් කොස්සේහි   මිට
ඇතිනම් පුරවලා ගුණදම් හිතේ      තුට
මොකටද කෙල්ලේ ඉන්නේ ලස්ස  නට

Friday 12 July 2013

ඇයිද බිඳිලා.....

සොඳුරු සිත මගෙ තලාගෙන හිටි
                    අඳුර මට නොකියාම පැනලා
නුඹ නමට හිත වෙලාගෙන හිටි
                    මතකයද අද කොහිද කියලා
දෑස ලඟ මා රවටාන හිටි
                    නුඹේ සිනහව ගිහින් මැකිලා
ඇයිද නුඹ මා ලඟින් හිඳ හිටි
                    බංකුවේ කෙලවරක් බිඳිලා

Wednesday 10 July 2013

ඇයි නුඹට.....


දකින විට මම දැනුන විට සොඳ
සුවඳ විතරක් පිපි මලේ
ඇහෙනවද තිට කිව්ව මම හෙට
තනි වේවි රොන් නැති දිනේ

කලබලව නුඹ ගත්තේ ඇයි ඔය
තීරණය මගේ පොඩි දුවේ
අම්ම ඇහුවම ගොළුවුනා නුඹ
මතකයිද තනිවූ දිනේ

හිතගාව නුඹේ ඉන්නවා කියු
සුවඳ විඳ ඒ පෙම්බරා
නොකියාම අද කොහේ සැඟවිද
දන්නේ නෑ ලොව කිසිකෙනා

ලංවෙන්න මට එපා කියු නුඹ
ලංවුනා ලොවටම හොරා
තනිවෙලා මම ඉන්නවා තව
දන්නේ නෑ ඒ ඇයි කියා

සමාදුනි මම සමාවුනි තිට
එහෙත් ඇයි මේ දේ වෙලා
නිවනු බෑ මට දකින විට නුඹ
හිතේ දුක් තව ඇවිලෙනා

Friday 5 July 2013

ආයෙමත්..............

නුඹේ පියකරු මූණ දැක්කම
දිදුලනා දිගු දෑස දැක්කම
සිනාවෙන නුඹෙ දෙතොල දැක්කම
පිරෙනවා සිත නුඹව දැක්කම

සිඹින්නට සිතෙනාම තරමට
දෙතොල සිනිඳුයි මලක් විලසට
දකින්නට හිතෙනාම තරමට
පිරී ඇත නුඹෙ නෙතු සිනාවට

Thursday 13 June 2013

මතු මතකෙන්.....

කවි ලිව්වේ මතකෙට නුඹ එන හින්දා
හිත හැදුවේ නුඹ මට හිමි නැති හින්දා
දුර යන්නේ ආදරෙ මම වැඩි හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා

මිතුරෙකු විලස නුඹ අමතන හැම වේලේ
දුක් ගින්නක් ඇවිලෙනවා හිත පතුලේ
ලංවී ඉඳන් ආදරේ කල ඒ කාලේ
සිහි වෙනවා නුඹ මා හැර ගිය තාලේ

ලස්සන තැනෙක ඉන්නට අප පැතුවාට
දුර යන නුඹට සමුදෙන්නට හිතුවාට
උණුසුම් වෙන්න තුරුලට මා නැතුවාට
ලැබදෙයි නුඹට රජසැප මා නැතුවාට

උරහිස මගේ නුඹ හිස කොයිදැයි සෙව්වා
නෙතු මාගේ නුඹ නෙතු කොහිදැයි සෙව්වා
සිත මාගේ නුඹ සිත කොයිදැයි සෙව්වා
තනිකම මගේ නුඹ තනිවම දැයි සෙව්වා

මතු දවසක් උදෙසා....

ලස්සන තැනෙක පොඩි නිවසක් හදාගෙන
කුඹුරෙන් ලැබුණු සහලින් බත උයාගෙන
දරුවන් දෙදෙන නිදි පැදුරේ තියාගෙන
නුඹ ඉන්නේ මම එනතුරු බලාගෙන

Tuesday 11 June 2013

උපාධි ගන්න හිතද්දී.......

කැම්පස් පටන් ගන්නේවත් නැති හින්දා
ජීවිතෙ ගෙවිල නිකරුනේ යන ඒ හින්දා
තැන තැන දුවන හිත එකතැනකට කැන්දා
ඉගෙන ගන්න මට මෙහි බෑ නුඹ හන්දා

කළුවර තැනෙක ඉඳගෙන හඳ එලිය යට
සෙලවෙන හිතත් තැබුවා රන් විමන යට
පොත්වල තියෙන පාඩම් සැඟවිලා හෙට
හිත දුවනවා හොයලා රැකියාවකට

අම්මේ තාත්තේ ගතකල ඒ කාලේ
පාස්වෙන්න විතරයි පාඩමක් කලේ
හැකියාවන් සඟවල මගෙ හිත පතුලේ
උපාධියම ගන්නයි උත්සාහ කලේ

මාස තුනයි තව දෙසතියකින් ඔන්න
නිවාඩුවට අරුතක් කැටි කර ගන්න
ගෙවුන වසරෙ පාඩම් මතකෙට ගන්න
හිත දෙන්නෑ ඊලග වසරට යන්න

කඳුළු පිරුණු දෙනෙතින් නුඹ බලන කොට
ඉරී වැටෙන ඇඳුම් කෑලි දකින කොට
වහලෙන් වැටෙන වැහිපොද බිම තෙමන කොට
කැම්පස් යන්නෙ කොහොමද දුක් විඳින කොට

අවුරුදු තුනක් වෙනුවෙන් නුඹ ගත්තු ණය
සියල්ල අවසන්ය ඉතිරිය මගෙ පණය
ඉරුණු කමීසය කලිසම පරණය
මොනව කරන්නද මට උරුම මරණය


Wednesday 5 June 2013

රිදුම් දෙන හිතට



අමතකව නැති මතක ගොන්නක් අගුළු දාලා යටි ........... හිතේ
මතකයේ ගිනි නිවෙන්නට මම අඟුරු දාලා උඩු ............. හිතේ
දැවෙන ගින්නක් නිවන්නට වෙර දැරුව හින්දා පෙම් ..... හිතේ
තවම රිදෙනා කැලැල් නම් ඇත පිලිස්සී ගිය මගෙ ......... හිතේ

Tuesday 4 June 2013

ඔයා ලඟ

හිතේ තනිවුන පෙමක් මැදිකල
ආදරේ මුල් පිටු තුනේ
නුඹේ නම ඇති මගේ නම නැති
තැනක් තිබුණා අන්තිමේ
හිතේ ලඟ ඇති මගේ ලඟ නැති
නුඹේ හදවත නැවතුනේ
ආදරේ නැති ජීවිතේ ඇති
කෙනෙකු ලඟ ඇති මහමඟේ

Thursday 23 May 2013

සංසාරයේ පැතූ ලෙසින්

සංසාරයේ හැටි
අපව වෙන්කල
දෛවයක සරදම
ඇයිද මේ තනිකල
නිහඬ නෙතු යා කල
දිනෙක අප හමුවුන
අහඹුවක අරුමය
ඇයිද හද යාකල
කෙලෙස අද දුරකද
ගතින් සිත වෙන් කරන
නැතිද නුඹේ සිත තාම
දන්නෙ මගෙ ආදරය
කඳුල හිමි නෙතු අගට
වන්න වියලන කතර
වියලාපු හදට නුඹ
වන්න ආදර වැස්ස
සත්තකයි දිනෙක මතු
එක්වේවි මා එක්ක
සංසාරගත බැඳුම
සපත කර මුළු ලොවට

Sunday 19 May 2013

නුඹ එක්ක.....

වෙසක් පෝය දා හවසට
ඔයත් එක්ක හනි හනිකට
ගමේ පන්සලේ මළුවට
හිතෙනව මට ඇවිදින්නට

අරන් ගියපු මල් දහයම
පූජ කලා අපි බුදුන්ට
එකට ඉඳන් පැතුවේ අපි
නිවන් දකින්නට මතුවට

එළිය බෙදන පහන් වැටේ
ඇවිද ගිහින් මළුව වටේ
පත්තු කරපු පහන් දෙකේ
එළිය පේනවාද නඟේ

වැටිලා හඳ එලිය නුඹේ
එක්වුනාම සිනා මුවේ
එලියයි මට වෙනද වගේ
නොවෙයි පිරිල සතුට හිතේ

Sunday 12 May 2013

කඳුකරය

මිහිඳුම පිරුණු කඳුකරයක ඇති වරුණ
කඩා හැලෙන දිය ඇල්ලේ ඇති මහිම
තුරුගොමු වලින් පිරුණාමයි එහි අගය
බලන්න වටිනවා උඩරට කඳුකරය

කුරුල්ලන්ගේ කිචිබිචිය
හමන සුලඟෙ ගුමුගුමුව
දිය ඇල්ලේ හඬ සමඟ
බිඳ දමනවා නිහඬ බව

මිහිඳුම් සේල පැලඳූවා සේමය
තුරු ගොමු වර්ණවත් කරනා බව සැබව
මොවුන් එක්ක කරනාවූ මෙහෙය
සොයා බැළුවොතින් නම් ඔබ අගනේය

සිරිලක දිනවමු

තිස් දවසෙන් එක් දවසක්
පන්සල් ආවට ගියාට
කරපු කියපු හැම පවක්ම
කමාවේවි හිතනවාද

ජීවත් වෙන හැම දවසෙම
අවදිවෙලා හිතන මුල්ම
සිතිවිල්ලට ඉඩක් දෙන්න
පව් කරන්නේ නෑ අද මම

හිතල කරයි නම් අද සිට
අපේ රටේ හැම දෙනාම
දිනයි නේද මුළු ලොකෙම
පුංචි අපේ මේ සිරිලක

වැරදුනු වාසිටිය

දහසක් පැතුම් කැටිකරගෙන ආව තැන
දහසක් දෙනා හමුවන මේ සොඳුරු තැන
දහසක් වෙර දරා දිනුවා සියළු දෙය
දිනුමට දෙයක් නැතිවේවිද මෙතැන මට

සුතුටු සිතින් ජීවත් වන සියළු තැන
පළමු දිනේ අපහසු වූවා නේද
අනාගාතේ හොඳ වේවා පතාගෙන
භාර ගනිමු මේ ලැබෙනා සියළු දුක

දුවගෙන ඇවිත් කියනව බයවෙන වචන
නපුරු වගේ පෙනෙනව මේ සියළු දෙන
එහෙම මවල පෙන්වල දෙන ඔබ සැවොම
කවුරුත් එකවගේ නිති බව දන්නවද

වචන කියල පෙනෙනා මේ සියළු දෙය
ඔවදන් බවක් හැඟෙනව හිතුවොත් අපම
ලස්සන වෙන්න නම් අපගේ හෙට දවස
භාර ගනිමු මේ ඔවදන් හිස් මුදුන

Saturday 11 May 2013

කවි ලියද්දි.....

හිත් බැඳි කවි පිටු           අතරේ
තනිවෙල වගේ වැලි        කතරේ
අමතක නෑ සිප්               සතරේ
ලියන අතරේ කවි            මිතුරේ

අඳුර වැටුනු පසු               නිවසේ
ලියැවෙනවා කවි              රිසිසේ
සිතිවිලි ගලනව                අඳුරේ
රල බිඳෙනව වගේ           සයුරේ

මං මුලා කල නුඹෙ           සිතේ
මගේ ගැන මතකය           ඇතේ
පල කරපු පදවැල්             පොතේ
සතර පෙල ඇත නුඹෙ       නෙතේ

ආදරෙයි මම ආදරෙද        නුඹ
කීව මතකද දොතොල සිඹ නුඹ
අතැර ගියමුත් මාව අද      නුඹ
සත්තකයි මගේ ජීවිතේ     නුඹ


Friday 10 May 2013

අපි අපේ නොවන නිසා

කවි කොලේ      පුරවලා
ලිව්ව පදවැල්     නිසා
නුඹේ සිත         හඬවලා
මටම තව ලං     කලා

නුඹේ පෙම් බර   නිසා
මාව එහි            එල්ලලා
පෙම් සයුරේ       ගිල්ලලා
නුඹ මගෙන් දුර  ගියා

ගතින් අප දුර      නිසා
සිතින් තව ලඟ    නිසා
කවුරුවත් නැති   නිසා
අපි ආයෙ ලං     වෙලා

කාගෙවත් සැප     තකා
අපි අපට බොරු   කලා
දැන් ඒව             තේරිලා
ලංවෙන්න          හදනවා

කල වැරදි වැඩ     නිසා
සදහටම වෙන්     කලා
ලංවෙන්න හැදු    නිසා
දුක අපට හිමි      වෙලා

Wednesday 8 May 2013

අම්මේ


අම්මේ
මට මතකයි ඒ කාලේ
මම පුංචි කාලේ
මගේ අතින් අල්ලන්
ඉස්කොලේ ගිය හැටි
අසනීප වුනාම
බෙහෙත් කල හැටි
හැමදේම ජයගන්න
කියාදුන්න හැටි
ඒත් අද
ඈතටම වෙලා හිටියත්
තාමත් ඒ මතකයන් තියෙනවා
හැම ප්‍රශ්ණෙදිම
දුවගෙන ගෙදර එන්න හිතුනත්
අමාරුවෙන් හිත වෙනස් කරන්
මම දුරම ඉන්නවා
කවදාම හරි දවසක
තනියම
ඔක්කෝම ප්‍රශ්ණ වලට
මුහුණදෙන්න වෙන බව දන්න නිසා
ඒත් ලඟදීම මම දුවගෙන එනවා ගෙදර
අම්මා එක්ක සතුටින් ඉන්න

Wednesday 1 May 2013

ඇත්තමද......

කඳුළු දුටුවා නුඹේ නෙතු අග‍
දුකින් සැලුනා මගේ හදවත
අමතකව ගිය නුඹේ මතකය
යලිත් පිරිලා මගේ මතකයෙ

කඳුළු අමතක කලත් ඒ දින
තවම හඬනව සැඟවිලා සිත
නුඹේ මතකය ඇවිත් සිතලඟ
කඳුළු පුරවල මගේ නෙතු අග

ඇසට නොපෙනෙන දුරක ඉඳගෙන
පෙම් කරනවා අපිම අපටම
කවුරුවත් නොදැනීම ඒ ගැන
ලංවෙලා යලි යලිත් අපටම

ඇත්තමයි ලංවෙලා මේ මට
කුමන සැපතද ලැබුනේ නුඹ හට
වරෙක හැරගොස් යලිත් එන්නට
මොකක් දැක්කද මගේ ලඟ නුඹ

වටහ ගන්නට බැහැනේ මේ මට
ඇත්තටම නුඹ ආදරෙද මට
පවසන්න මට ඇත්ත දේ නුඹ
දන්නේ නුඹ පමනක් නිසාවම

Tuesday 30 April 2013

ඇයි තවම.....

හිනැහෙන්න හැදුවාට
කඳුළු බිඳු අතරින්ම
දන්නවා අහිමි බැව්
හැමදාට නුඹව මට
සතුටු කරවන්ට නුඹ
දොඩමළුයි නුඹ සමඟ
කඳුළු සඟවලා තනිව
මගේ නෙතු කෙලවරක
එහෙත් නුඹෙ වදන් තව
පෙම්බරයි මා එක්ක
බිඳෙයි සිතෙ වීරියම
යලිත් පෙම් බඳියි මම
නුඹේ ඔය සිනාවට
කිව්වෙ නුඹෙ මුව නේද
අහිමි බැව් අපි අපට
දැන් මෙහෙම ඇයි ආයේ
ලංවෙන්නේ නුඹ මටම
අහන්නට තියෙනවා
මගේ සත පතුලේම
නුඹෙන් මේ වචන ටික
තවම මට ආදරේද