Tuesday 17 November 2015

දුම්රියේ සිඟිත්තා

දුම්රියේ මහ සෙනඟ අතර සිටිනා විටෙක
තරුණියක දුටිමි මම ලමැද බැඳි පොට්ටනිය
කෙමෙන් ලං වෙද්දි ඇය දුටිමි අත් පා සතර
සිඟිති බිලි‍ෙඳෙකි ඇයගෙ හොවාගෙන පපුවතුර

ගැටෙන විට ඇගේ රුව අමතකයි අතීතය
අසුන්ගත් මහා ගස් සිටී නොදකින ලෙසට
සැනෙක හිස්වෙන අසුන ලඟම පරවුන මුහුණ
දකින විට මගේ හද නැවතුනා මෙහොතකට

නුඹේ මව් නුඹ එක්ක විඳපු දුක නොදන්නෙද
අසාපන් අදම නුඹ සිටී නම් ජීවත්ව
කියාපන් හිතුන හැටි අසුන නැති වෙන කොටම
සත්තකයි නවතීවි ඇගේ හද සදහටම

ජාතියක් වර්ගයක් නොසොයනා සිඟිති ඇස්
කරකුනා සතර අත හිනැහුනා ලොව සමඟ
විඩාබර සිත් වලට සෙනේබර සිනාවක්
එක්කලා වතාවක් මගේ හිත පුරාමත්

හති වැටුන යකඩයා වුනත් එක වතාවක්
හැරී බැලුවා සිඟිත්තා-මව්ගෙ සිනාවන්
නෙතට උනනා කඳුලු වුනත් එක වතාවක්
මතක් කෙරුවා සැමට උනුන්ගේ මව්න්වත්
 

Monday 12 October 2015

රටකට ‍මොහොකටද මෙච්චර ඇමතිවරූ


ඡන්දය එද්දී එනවා නිවසක් ගානේ
ඡන්දය දිනන දා රටටම ජය පානේ
ඡන්දය අවසාන වුන පසු ගිය පාරේ
ඡන්දය තිබුනාද මතකෙත් නැහැ රාලේ

පස්සෙන් ගියපු උන් තෝරා බෙදන කොට
නින්දෙන් වුනත් ඇරෙනවා පෙනෙන කොට
මන්දෙන් බෙල්ල හිර කරලා මැරෙන කොට
යන්තන් මතක් වුනෙ ඡන්දෙදි වුන ගැහැට

ඉඩකඩ අරන් මහපාරේ දුවන යුරූ
බඩකට පුරවන්න වියදම් ගොඩක් දැරූ
ඉඳ හිට රටට වැඩ ඩිංගක් කරන හොරූ
රටකට මොහොකටද මෙච්චර ඇමතිවරූ

වරුවක දෙකක වැඩ අවුරුදු ගනන් කෙරූ
දවසක දෙකක වැඩකින් ලොකු මුදල් ගැරූ
සවසට ඇවිත් මත් වී රට වෙනස් කෙරූ
රටකට ‍මොහොකටද මෙච්චර ඇමතිවරූ

Saturday 10 October 2015

අවසර ලැබෙනකම්

තරු එක දෙක රෑ අහසේ පායද්දී
කඩුපුල් මල් සඳ එලියට පූදිද්දී
හෙමිහිට ඇවිත් නුඹ තුරුලේ ගුලිවෙද්දී
සිහිනෙක සුවය විඳිනව මම රෑ වෙද්දී

දෙමාපියන්ගේ අවසර ලැබ ගන්න
හත් දා මගුල් කා නුඹ අත ලැබ ගන්න
හිත් වේදනා නැතිවම කැන්දා යන්න
හින්දා තමයි ඉවසන්නේ හිඳ දුරින

නම් නැති කවි

සාලය මැද්දෙ නුඹ ගැන හිතමින්ම හිඳී
කාලය කොහිද සොයලා මට ගන්න බැරී
තාලය නැතුව මට නම් කවි ලියනු බැරී
කාලය නවතන්න විලංගු දමනු බැරී

සදහටම.....

අහසෙ තිබෙනා තරු එකින් එක
ගනන් කරනා අතරේ
තරු අතර සැඟවිලා උන් ඔබ
නෙතු ගැටෙනවා දැනුනේ
දිනක් සතියක් රෑ අහස යට
එකම තැන නුඹ හිටියේ
මඳක් නැවතුන හින්දමයි මට
ඉකි ගසන හඬ ඇසුනේ

සඳක් පායන හින්ද අහසක
තරු එකින් එක මැකුනේ
නුඹට ආදරෙ හින්දමයි මම
සඳට පෙර ලංවූයේ
නොමැකි යන්නට නුඹේ දිළිසුම
අමාවක සඳ පැතුවේ
සඳට කියනට බැරි නිසා දොස
ලඟට නුඹ ගෙන ආවේ

හිතේ සදහට නුඹේ රුවමයි
හැ‍‍ඟෙන විට හැමවේ‍ලේ
නෙතට නිවනක් නැහැ කොහේවත්
නුඹේ රුව ලඟ වාගේ
සදාකාලෙට ආදරෙන් මගෙ
හදේ නුඹ රජ වූයේ
ඉතින් අවසර ලඟින් ඉන්නට
හොරෙන් සඳු හට මාගේ



Sunday 15 March 2015

පෙම් කරන නුඹට........

පෙම්බස් දොඩන නුඹ ඇල වී උරහිසට
අතැඟිලි හෙමින් මිරිකාගෙන ඉන්නකොට
යන්තම් හොරෙන් එබිලා මාගේ නෙතට
මුමුණා කියයි තොල් උල් කරමින් කණට

මවුපිය කැමැත්තක් හැමදා නැති හන්දා
ආදරෙ කරන නුඹ හැමදා පැතු හන්දා
ජීවිතෙ අඳුරු කර ගන්නට බැරි හන්දා
එන පෝයට නුඹ යනවද මා කැන්දා


කන්ද දිගේ උඩටම පය තියන කොට
බතුයි පරිප්පුයි දෙවේල කැවෙන කොට
පැල තුල වැහි බිඳු එක දෙක වැටෙන කොට
අමතක වෙලා යයි පෙම් කල බව නුඹට

සතියක් දෙකක් පෙම් බස් කියමින් ඉඳපූ
වරුවක් දෙකක් ලඟ ඉඳ හිස අත ගාපූ
මිනුමක් නැතත් දෙන්නෙමි සැප යැයි කියපූ
දිනයක් කොයිද අමතක වෙයි පෙම් කරපූ


Thursday 26 February 2015

කෝ....?

කාමරේ මුල්ලෙ
හීන පිරි මල්ලෙ
කෙලවරක පල්ලෙ
සිටිය නුඹ කෙල්ලෙ

හිතේ දුක ගැස්සේ
සොයමි නුඹ තිස්සේ
රැයේ තරු අස්සේ
වැතිරිලා බිස්සේ

කඳුළු ඇස් අස්සේ
නටනවා තිස්සේ
බිඳුනු සිත් අස්සේ
තනිවෙලා වැස්සේ


Monday 16 February 2015

මතකයෙන්...

කවි කර ලියන මගෙ සිතුවිලි ගොන්නකට
සවි බල දෙන්න විරහව ඇති මෙහොතකට
රිවි කිරණින් නැහැවෙන හැම උදයකට
කිවිඳිය ලෙසින් ඔබ නැගුනා සිත් අගට


Monday 9 February 2015

හායි

දවසක් එකෙක් මට එව්වා හායි කියාලා
දවසක් පසුව මම යැව්වා හායි කියාලා
දවසක් උඹට එව්වොත් ඌ හායි කියාලා
දවසක් නොයිඳ යවපන් උඹ හායි කියාලා

Thursday 15 January 2015

01

පුන්සඳ රෑට කියවෙන කවි මලදාන
මල්මිණි සේම ඇමිණෙනවා රවිදාට
කනකලු නාද ඇහෙනා විට මල රෑට
නුඹ සිටි හැටි සිහිවෙනවා තුරුලේම

Saturday 10 January 2015

යන දාට.... යන අයට...

වර්ණ හැඩතල සන්තකේටම හිතේ කෙලවරකට ලියා
ඇසේ කෙලවර රැඳී සිටි නුඹෙ ආදරේ ගැන කවි කියා
උපන් දා සිට අරන් ආ මගෙ කලාවේ අද තිත තියා
යන්න යනවා කර්මයේ හැටි ඇගේ පින් මහිමය කියා