ඡන්දය එද්දී එනවා නිවසක් ගානේ
ඡන්දය දිනන දා රටටම ජය පානේ
ඡන්දය අවසාන වුන පසු ගිය පාරේ
ඡන්දය තිබුනාද මතකෙත් නැහැ රාලේ
පස්සෙන් ගියපු උන් තෝරා බෙදන කොට
නින්දෙන් වුනත් ඇරෙනවා පෙනෙන කොට
මන්දෙන් බෙල්ල හිර කරලා මැරෙන කොට
යන්තන් මතක් වුනෙ ඡන්දෙදි වුන ගැහැට
ඉඩකඩ අරන් මහපාරේ දුවන යුරූ
බඩකට පුරවන්න වියදම් ගොඩක් දැරූ
ඉඳ හිට රටට වැඩ ඩිංගක් කරන හොරූ
රටකට මොහොකටද මෙච්චර ඇමතිවරූ
වරුවක දෙකක වැඩ අවුරුදු ගනන් කෙරූ
දවසක දෙකක වැඩකින් ලොකු මුදල් ගැරූ
සවසට ඇවිත් මත් වී රට වෙනස් කෙරූ
රටකට මොහොකටද මෙච්චර ඇමතිවරූ
හිටපු ජනාධිපතිගේ ගෙදරම දැන් කෙනාත් හිටියානං මේ අවුරුද්දේ අපිට කෝටි ගාණක් ලාභයි.... දැන් ඉතින් අායෙම රජමාලිගා හදන්න කෝටි ගණන් ඒපැයි...
ReplyDelete