Wednesday 20 December 2023

ඇයිද තහනම?

ගාලු කොටුවේ කොටු බැම්ම මත
ක්ෂිතිජ කෙළවර ගිලෙන හිරු දෙස
ලංදේසියගෙ හිරකූඩු වල
කපල් හිටියෙම ඇස් පියාගෙන
පොලවෙ හැප්පෙන බූට් වල හඬ
කාකි කලිසම් යුනිෆෝම් වල
නිතර ඇහුනෙම 'ඔහොම හිටපිය'
ප්‍රේමයත් ඒ තරම් වැරදිද?
බැම්ම උඩ දණ ගස්සවාලා
බැටන් පොලු හරි තදින් වනලා
මරා දැම්මම බිළිඳු ප්‍රේමය
උන්.....
ලක් මවුන්ටත් පෙම් කරාවිද?

Tuesday 25 July 2023

නුඹ රැජිනක්, මම රජෙක්...

හිත්වත්කම් වල නොදැනම තැනකදි
අපි අපෙ හිත්වල ලැගුම් අරන්...
නුඹත් මගේ ලඟ ඇවටී දැවටී
ගතකල හැටි ඒ සොඳුරු දවස්...
හෙමින් හෙමින් අමතක කරල දාල
රජකම අරගෙන යන්න ගිහින්...
ඇත්තමයි නුඹ හිටියනම් මම ලඟ
නුඹ රැජිනක්, මම රජෙක්...
රාජ්‍යයක් නැතුව උනත්
හිත්වල සංතෝශය එක්ක...
ලං වෙන්න තිබුන, බාධක නොතිබුනා නම්...
බාධක බිඳල එද්දි නුඹ ගිහින්...
මං හිතනව තාමත් නුඹ රැජිණක්...
වෙන රාජ්‍යයක, වෙන රජෙකුගේ..
එතකොට මම...?

Monday 30 January 2023

හේතු

මට කවදාවත් බැරිවෙයි
උඹට ආදරෙයි කියන්න..
*******
හේතුවද??
හේතුව, 
නුඹ පිපුණු මලක්...
මම පරවුණ මලක්...