Saturday 9 April 2022

අරගලය

අපෙ හිතත් කකියනව

හිතෙනවා හිටගන්න

අරගලය මැද්දෙ

නිල ඇඳුම ඉරල

බැටන් විසි කරල

තැවක්කුව මේ පැත්තෙ

බිත්තියට තියල

නමුත් මක් කරන්නද

නීතියට පිටුපාල

රස්සව මඟ ඇරල

අපිත් හිට ගත්තනම්

උඹලගේ ඔය පැත්තෙ

සෙනඟ නම් උතුරාවි

ඒත්...

අරගලය අරඹාපු

හේතුව ම මියයාවි...