Saturday 14 December 2019

මම දීපු ආදරය ඒ හැමට යට ඇතී

දුර ඈත නුඹ නුඹෙ ම ලෝකයක තනිවුනා
මම තවම හිපු තැන පිපුණු මල් පරවුනා
හිත ගාව ගුලි වෙච්චි අයුරු මට සිහිවුනා
හැමට කලියෙන් නුඹට මාව අමතක වුනා

වැහි බිංදු වැටෙන කොට කුඩේ යට තනි නැද්ද
හංදියේ මාර ගහ ලට දැන් යන් නැද්ද
පංතියේ පුටු දෙකක දොඩපු ඇස් අමතකද
පෙම් කරපු වංගියේ වැට කඩුලු දැන් නැතිද

දුර තියෙන කාරෙකේ පෙම්වතා වෙන්නැතී
අත තියෙන පොට්ටනියේ කිරිකැටිය නිදි ඇතී
කර පාලු නෑ ඒව රත්තරන් වෙන්නැතී
මම දීපු ආදරය ඒ හැමට යට ඇතී


බලා නුඹ ඉන්නවද

සඳ එළිය හෙමි හෙමින්
වැටිල මහ පොලව මත
තරුත් යන්තමින් දැන්
එබෙන හැටි එක දෙකම
වැහි දියෙන් තෙත් වෙච්චි
ගතත් වියළා දෙන්න‍‍
බලා නුඹ ඉන්නවද‍‍‍
දොර පියන් අතරින්ම