Tuesday, 17 November 2015

දුම්රියේ සිඟිත්තා

දුම්රියේ මහ සෙනඟ අතර සිටිනා විටෙක
තරුණියක දුටිමි මම ලමැද බැඳි පොට්ටනිය
කෙමෙන් ලං වෙද්දි ඇය දුටිමි අත් පා සතර
සිඟිති බිලි‍ෙඳෙකි ඇයගෙ හොවාගෙන පපුවතුර

ගැටෙන විට ඇගේ රුව අමතකයි අතීතය
අසුන්ගත් මහා ගස් සිටී නොදකින ලෙසට
සැනෙක හිස්වෙන අසුන ලඟම පරවුන මුහුණ
දකින විට මගේ හද නැවතුනා මෙහොතකට

නුඹේ මව් නුඹ එක්ක විඳපු දුක නොදන්නෙද
අසාපන් අදම නුඹ සිටී නම් ජීවත්ව
කියාපන් හිතුන හැටි අසුන නැති වෙන කොටම
සත්තකයි නවතීවි ඇගේ හද සදහටම

ජාතියක් වර්ගයක් නොසොයනා සිඟිති ඇස්
කරකුනා සතර අත හිනැහුනා ලොව සමඟ
විඩාබර සිත් වලට සෙනේබර සිනාවක්
එක්කලා වතාවක් මගේ හිත පුරාමත්

හති වැටුන යකඩයා වුනත් එක වතාවක්
හැරී බැලුවා සිඟිත්තා-මව්ගෙ සිනාවන්
නෙතට උනනා කඳුලු වුනත් එක වතාවක්
මතක් කෙරුවා සැමට උනුන්ගේ මව්න්වත්
 

8 comments:

  1. සුන්දර පද ගැලපීමක්.......

    ReplyDelete
  2. ලස්සනම ලස්සනයි.........

    ReplyDelete
  3. ජාතියක් වශයෙන් අපි පිරිහිලා ඉන්න හැටි නිරුපනය කරන හොද කවියක් ... ලස්සනයි ...

    ReplyDelete
  4. ජාතියක් වශයෙන් අපි පිරිහිලා ඉන්න හැටි නිරුපනය කරන හොද කවියක් ... ලස්සනයි ...

    ReplyDelete