Wednesday, 9 October 2013

සිපිරි ගෙයක සිට......

හිර කූඩුවක හතලිස් එක් දෙනෙක් අපි
රඳවා සිටියෙ පෙරලිය කල නිසා අපි
කරුමෙක මහත හැඳ සිටි වස්ත්‍රයෙන් අපි
වැතිරී සිටිමු නිදහස් වන තුරා අපි

ගාම්භීර අපෙ ජේලර් මහත්තයා
දිනකට කිහිපවර ඇවිදින් බලල ගියා
දවසක් ගෙවන පැය කීයද නොදත් නිසා
කළුවර වැටෙන තුරු පැය අප ගනන් කලා

අම්මේ ඇවිත් ඔබ බැළුවම මගේ දිහා
හිතට දුකයි මම ඉන්නේ හිරේ නිසා
කන්නේ බොන්නෙ හිරබත විතරක්ම නිසා
උණු බත මතක් වෙනවා නෑ උදේ උයා

ලඳුනේ නු‍ඹේ අවිහිංසක දෑස දිහා
කොහොම බලන්නද නිදි නෑ හිතන නිසා
අස පියවෙන මොහොතේ නුඹ ලඟට වෙලා
මම ඉන්නවා සිතෙ  නුඹ ඉන්නාවු නිසා



No comments:

Post a Comment

මූණු පොතෙන් අදහසක් දාන්න!