කවි ලිව්වේ මතකෙට නුඹ එන හින්දා
හිත හැදුවේ නුඹ මට හිමි නැති හින්දා
දුර යන්නේ ආදරෙ මම වැඩි හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මිතුරෙකු විලස නුඹ අමතන හැම වේලේ
දුක් ගින්නක් ඇවිලෙනවා හිත පතුලේ
ලංවී ඉඳන් ආදරේ කල ඒ කාලේ
සිහි වෙනවා නුඹ මා හැර ගිය තාලේ
ලස්සන තැනෙක ඉන්නට අප පැතුවාට
දුර යන නුඹට සමුදෙන්නට හිතුවාට
උණුසුම් වෙන්න තුරුලට මා නැතුවාට
ලැබදෙයි නුඹට රජසැප මා නැතුවාට
උරහිස මගේ නුඹ හිස කොයිදැයි සෙව්වා
නෙතු මාගේ නුඹ නෙතු කොහිදැයි සෙව්වා
සිත මාගේ නුඹ සිත කොයිදැයි සෙව්වා
තනිකම මගේ නුඹ තනිවම දැයි සෙව්වා
හිත හැදුවේ නුඹ මට හිමි නැති හින්දා
දුර යන්නේ ආදරෙ මම වැඩි හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මිතුරෙකු විලස නුඹ අමතන හැම වේලේ
දුක් ගින්නක් ඇවිලෙනවා හිත පතුලේ
ලංවී ඉඳන් ආදරේ කල ඒ කාලේ
සිහි වෙනවා නුඹ මා හැර ගිය තාලේ
ලස්සන තැනෙක ඉන්නට අප පැතුවාට
දුර යන නුඹට සමුදෙන්නට හිතුවාට
උණුසුම් වෙන්න තුරුලට මා නැතුවාට
ලැබදෙයි නුඹට රජසැප මා නැතුවාට
උරහිස මගේ නුඹ හිස කොයිදැයි සෙව්වා
නෙතු මාගේ නුඹ නෙතු කොහිදැයි සෙව්වා
සිත මාගේ නුඹ සිත කොයිදැයි සෙව්වා
තනිකම මගේ නුඹ තනිවම දැයි සෙව්වා
සුමිහිරි මතක ඇති නුඹෙ ඔය සිත් පතුලේ
ReplyDeleteඇගෙ සිත් මලද ලතවෙනු ඇත දුක් කඳුළේ
නුඹ වෙනුවෙන්ම කඳුළැලි ගලනා තාලේ
සඟවනු ඇතිය නුඹ හමු වන හැම වේලේ
කඳුලැලි ගලන නෙතු පිසදා සනසන්න
Deleteහංගා ගන්න බෑ මාගෙන් නම් ඔන්න
රතුවුන නෙතින් කියනා කරුණක් දන්න
ආලය තවම මටමයි ඇය සඟවගෙන
කදුලැලි සගවනා නුබගෙන් හැමවේලේ
Deleteකෙතරම් දුකක් ඇතිදැයි ඇගෙ සිත් මානේ
පෙර ඔබෙ මතකයෙන් ඇගෙ සිත දුක් වුයේ
කවිකම් එපා ඇගෙ සිත රිදවන තාලේ