පාළු සිතට නුඹ ආවා සතුට අරන්
අඳුරු ලොවම එළිය කලා නුඹේ වදන්
නමුදු නුඹේ සිසිල වෙලා වෙනත් අයෙක්
යලි නුඹ ගියා මගෙ සිතිවිලි අඳුරෙ හෙලන්
කඳුලින් පිරුණු දෙනෙතින් මා නුඹේ දිහා
බැලුවා වරක් නුඹ ආයෙත් එතැයි සිතා
නමුදු නුඹේ සිතිවිලි මා දුරක තියා
නොඑන්නටම යනවා වෙන ලොවක් සොයා
කවුරුත් නොවේ නුඹ විතරයි මගේ කියා
සිතුවා මමත් නුඹ සිතැතැයි එසේ කියා
ආලය කලා අප එක්වෙයි මතුය කියා
නමුදු ගියා හැමදේමත් අතැර ඔයා
No comments:
Post a Comment