ඉමක් කොනක් නැති සංසාරේ
පෙර එක දිනයක අප හමු වී ඇති
කිසිවක් නොදොඩා නොම විමසා
අද අප හමු වූ ඔය නොතු මා නෙතු
පුරුදු ඇතැයි පෙර සංසාරේ
මා පමණක්ම ද දැන සිටියේ
නිසලව නිහඬව සිටි මාගේ සිත
අවදිව නුඹ ගැනමයි ඇසුවේ
මේ භවයේදිත් අහිමිව ගොස් අද
කඳුලුම පමණයි ඉතිරි කලේ
සිතින් දරාගෙන දුරින් බලාගෙන
සිටිමුත් මා සිත හැඬවූයේ
ප්‍රේමය දුරකය නුඹ නොදැනීමය
අවිවේකී සිත ලතැවූයේ
ලස්සනයි
ReplyDeleteස්තූතියි
Delete